හිටියලු එක අම්මා කෙනෙක්. මේ අම්මට හදිසියේම පපුවේ අමාරුවක් හැදිලා ඉස්පිරිතාලේට ඇඩ්මිට් කරන්න වුණා. ඒ වෙලාවේ ඔන්න මේ අම්මට දැක්කලු දෙවි හාමුදුරුවෝ ඇවිල්ලා ඉන්නවා.
"අනේ දෙවි හාමුදුරුවනේ, මං මැරෙයිද?" අම්මා ඇහුවලු.
"නෑ දුවේ, තව අවුරුදු තිහක් ජීවත් වෙන්න පුළුවන්" කියලා දෙවි හාමුදුරුවෝ කිව්වලු.
ඉතින් මේ අම්මා හිතුවලු, තව අවුරුදු තිහක් තියෙනවනම් ඒ කාලෙ ලස්සනට ඉන්න ඕනේ කියලා. එහෙම හිතලා ඉස්පිරිතාලේ ඉන්න ගමන්ම පපුව ලොකු කරගත්තලු, බඩ අඩු කරගත්තලු, මූණ ලස්සන කරගත්තලු, කොන්ඩෙත් හදාගත්තලු.
දැන් මේ අම්මා හරිම ලස්සනයි. ඉස්පිරිතාලෙන් එළියට ආවා විතරයි, පාර හරහා යනකොට ගිලන් රථයක් ඇවිල්ලා හැප්පිලා අම්මා මැරිලා ගියා.
ස්වර්ගලෝකයට ගියාම දෙවි හාමුදුරුවන්ට කිව්වලු, "ඔබ වහන්සේ කිව්වනේ තව අවුරුදු තිහක් ජීවත් වෙන්න පුළුවන් කියලා?"
"ඔව් දුවේ, මම කිව්වා" දෙවි හාමුදුරුවෝ කිව්වලු.
"එහෙනම් මට මෙහෙම වුණේ ඇයි?"
දෙවි හාමුදුරුවෝ උරහිස් හෙලුවලු. "මට ඔයාව අඳුරගන්න බැරි වුණා දුවේ..."
මෙහෙම තමයි වෙන්නේ දුවේ, දෙවියන්ට පවා නොදැනී අපි වෙනස් වුණාම...
Comments
Post a Comment