gossiplanka image 1
 


මලකින් මලකට ගොස් පැණි බොන්න ද

මා හිමි බඹරුනි ඔබ සැරසෙන්නේ

මා හිමි බඹරුනි ඔබ සැරසෙ.......


කළුවර මහ රෑ කෙලෙස ද හිමියනි

මල්වල හැඩරුව හදුනා ගන්නේ

මල්වල හැඩරුව හඳුනා ගන්නේ.......


අලුත් මලක් යැයි අමතක වී

ඔබ පැණි බිව් මලට ම වැරදී එන්නේ...

ඒ ආ විට මම පෙති හකුළා ගෙන

නැවත නොයන ලෙස ඔබ රැක ගන්නේ

නැවත නොයන ලෙස ඔබ රැක ගන්නේ...



පද රචනය - දයානන්ද ගුණවර්ධන.

සංගීතය-සෝමදාස ඇල්විටිගල.

ගායනය - ආචාර්ය නන්දා මාලනී


දයානන්ද ගුණවර්ධනයන්ගේ බක්මහ අකුණු නාට්‍යයේ (1963) සහ බක්මහ දීගය චිත්‍රපටියේ (1969)  තිබූ ගීතයකි.