මුතුකුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහිලේනි
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ
දෑස ගියා ඉගිලි
අඳුර ගලා
සෙන්කඩගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී...තෙමී
ආදර මදු වැස්සේ
ගිය දෙදෙනා
අද යනවා දෙමන්සලේ
රිය ඇතුළේ
උණුසුම ඔබට දිදී
නහවයි මා.........................
රිය සක මඩ වතුරේ
නෑ හිත රිදුනේ
අදත් එදා සිහි වී
අපේ සබඳකම් නෑ
රිය සක දන්නේ
රචනය ලූෂන් බුලත්සිංහල
ගායනය සහ සංගීතය -අචාර්ය රෝහණ වීරසිංහ
Comments
Post a Comment