gossiplanka image 1
 ගොරි මහතකු තම නිවසේ කාමරයක ගබඩාකර තිබූ වී අස්වැන්න කාදමන මියන්ට මරණ දඬුවම දීම සඳහා අටවන ලද උගුලකට අසු වූ මීයෙකුට මරණ දඬුවම වෙනුවට අභයදානය දීමට සිදු වූ පුවතක් රාජාංගණය වම් ඉවුර යාය 7 ප්‍රදේශයෙන් වාර්තා වේ. කලක සිට ගොවි මහතකුගේ ටී ගබඩාවට මී කරදරය උග්‍ර ලෙස පැවතිණි.


ඉදිරි කන්නය වගාකර එහි අස්වනු නෙළන තෙක් එම වී වලින් කොටසක් කම ආහාරය පිණිස මෙසේ ගබඩාකර තැබීම ප්‍රදේශයේ ගොවි මහතුන් සැමගේම සිරිතය. ඒ අනුව අප ගොවි මහනාද එසේ ගබඩා කර තිබූ වී තොගය මෙසේ මියන් කා දැමීමට පටන්ගෙන තිබුණි. මේ පිළිබඳව කනස්සල්ලට පත් ගොටි මහතා ඒ සඳහා මියන් නොමරා එම කරදරයෙන් මිදිම සඳහා තමන් දන්නා සුපුරුදු ක්‍රම වේද පමණක් නොව තම ඥාති හිත මිතුරන්ගෙන් පවා උපදෙස් ගෙන ඒ අනුව කටයුතු කළද අදාළ ගැටලුවට විසඳුමක් නොලැබුණු තැන පිං පව් පසෙකලා වී කන මියන්ට මරණ දඬුවම දීමට ඔහු හිත හදා ගත්තේය.


ඒ අනුව වෙළෙඳ පළෙන් මී කතුරක් ( සුළු වේලාවකින් මියා මිය යන උගුලක්) මිලදි ගත් ගොවි මහතා එදින රාත්‍රියේ ට පමණ එම උගුලට ඇමක් යොදා එය වී ගබඩාවේ සුදුසු තැනක අටවා කැබුවේය. වී කාදමන මියන්ට මරණ දඬුවම දීමට හිත හදා ගත්තද එම තීරණය පිළිබඳව පිං පව් ගැන හිතමින් දෙළොවක් අතර සිටි ගොවි මහතා අවසානයේ " ඔහෙ ඕන දෙයක්'' යැයි තමන්ටම කියා ගබඩාවට යාබදව කාමරයේ ඇඳක් මත සුපුරුදු නින්දට වැටී ඇත.


ඉන්පසු සිදු වූයේ කුමක්ද යන්න ඔහු අප සමග මෙසේ කීය. රෑ 11 ට විකර ඇති. වී ගොඩ පැත්තෙන් "කටස් ගාන සද්දයක් ඇහුණා. දෙතුන් පාරක් කකුර එහාට මෙහාට ඇදෙන සද්දෙන් ඇහුණ ඊට පස්සේ මුකුත් සද්දයක් නෑ. ඒ කියන්නෙ මිය මැරිල කමයි. මම එහෙම හිතල උදෙටම බලනව කියල අනික් පැත්තට හැරිල නිදාගන්න. නමුත් පුදුමෙ කියන්නෙ උදේ ගිහින් බලද්දි මීයගේ බෙල්ලටම උගුල හිරවෙලා නමුත් පුදුමෙ කියන්නේ මීයා මැරිල නෑ- ඌ මං දැක්ක  උගුලෙන් ගැලවෙන්න එහාට මෙහාට දඟලන්න ගත්ත. සාමාන්‍යයෙන් මේ වගේ උගුලකට බෙල්ල හිරවුණා මීයෙක් සුළු වෙලාවකදී මැරෙනවා. නමුත් මේ මීයා පැය 7 ක් විතර ගිහිල්ලත් පණ පිටින් ඉන්නවා. කොහොම වුණත් මට දැන් තියෙන්නෙ මීයා මරන්නයි. ඒත් මීය උගුලට හිර වෙලා පණ පිටින් ඉන්න හැටි දැක්කම මට හිත දුන්නෙ නෑ උව මරන්න. ඒ නිසා මම මීය කතුරක් සමග ටිකක් ඇතට අරං ගිහින් උගුලෙන් නිදහස් කළා. ටි කනව කියල මීයො මරන්න ගත්ත. ඒක ඉවරයක් නැති වැඩක්. එකෙක් මැරෙන කොට තව එකෙක් එයි. නිකං මං පව් පුරව ගන්නව විකරයි. එහෙම හිතල මම තීරණය කළා මීට පස්සෙ කෑමට කියල වී ගබඩා කරන්නෙ නෑ. ඒ වී ටිකත් විකුණල අවශ්‍ය වෙලාවට කඩෙන් හාල් ගන්නවා කියල " යනුවෙන් ගොවි මහතා පැවසීය.