දකුණේ ගම්මානයක වූ සිදුවීමකි. එක්තරා නිවසක ජීවත් වූ මිනිසුන් හදි හූනියම් දැඩි සේ විශ්වාස කරන බව දැනගත් වූ කට්ටඩියකු මෙම නිවැසියන් සමග හිතවත් විය. දිනක් මෙම නිවසට පැමිණි යකැදුරා සිහිසුන්ව පුටුවෙන් වැටී දඟලන්තට විය. නිවැසියන්ද බියට පත්වූ අතර පසුව ඔහු කියවන්නට විය. එම නිවසේ හූනියමක් වළදමා ඇති බවත් එය ගොඩදමා කැපියයුතු බවත් එසේ නොකළහොත් ගෙහිමියා මාස තුනක් ඇතුළත මියයන බවත් යකැදුරා කීවේය. පසුව යකැදුරා කිසිවක් නොදන්නා අයුරිත් සිටි අතර ගෙහිමියන් බියවී ඔහු සිහි විකල් වී පවසන ලද තොරතුරු කීවේය. ඒ අනුව හුකියම ගොඩගැනිල්ල ප්‍රමාද කිරීමට බිය වූ ගෙහිමියෝ එම කටයුත්ත හුදුරු දිනකදීම යොදා ගත්හ. අවශ්‍ය සියලු දේ ගෙහිමියන් රැගෙන විත් තිබු අතර හොඬ අල, පුහුල්, හීරැස්ස, රතු අන්නාසි, සහ ගෙරිඔලු ඒ අතර විය.
නියමිත දිනයේදී යකැදුරා ගෝලයන් දෙදෙනකු ද ෂරකරුවකු ද සමඟ පැමිණ සියල්ල සූදාම්කර මල් බුලත් තටුවක් ද පිළියෙල කර හුනියම ගොඩ දැමීමේ බාරදුර කටයුත්ත ආරම්භ කළේය. ඒ අනුව හුකියම ගොඩ ගත යුත්තේ රාත්‍රී 2.38 ට බව ආරුඪ වී යකැදුරා විසින් පවසන ලද අතර ඔහු වත්තේ තැන තැන දුව පහිමින් ඊගහක්ද ත්‍රිශූලයක් ද අතැතිව කෑ ගසමින් දුම්මල කීරි ගසමිත් මතුරන අයුරු බියගන්වනසුළු විය. පසුව එක් තැනෙක නැවතී එම ස්ථානය හාරක ලෙස ගෝලයන්ට භියෝගකර පිරිසට ද ඇත්වී සිටින ලෙස උපදෙස් දුන්නේය. ගෝලයන් දෙදෙනා එම ස්ථානය අඩි 02ක් පමණ හාරා ඔවුන් ළග සගවාගෙන තිබු යමක් පස් සමග කලවම් කර යකැදුරාට පත්වීය.
පසුව යකැදුරා ශබ්ද නගා මන්ත්‍ර ජප කරමින් එම ස්ථානයන් ඇත්වී සිටින ලෙස ගම්මුන්ට උපදෙස් දුන්නේය.එසේ ජපකළ යකැදුරු තෙමෙි අතිත් හුනියම තොඅල්ලන ලෙසත් අතින් ඇල්ලුවාත් මිය යා හැකි බවත් පවසා ගිරයකින් එය අල්ලා ගැඹුරු දිය පහරකට විසිකළ යුතු බවත් පවසා එයද රැගෙත ෂඩරයට ද තඩි බාමින් මන්ත්‍ර ප්ප කරමින් ගඟක් අසලට ගියේය. එම ස්ථානයට පැමිණි නාහෙට නාහන අයෙකු එම ගිරය උදුරා එහි තිබු දේ දිග හැර බැලීය. එහි තඹ කොළයක ඔත්ත ලද පංචි ෂඬල්ලෙක් සහ පුවක් කැබැල්ලක් විය.
මෙය දැක කුපිත වු ගැමියා මේ කටිටඩියත් සියලු දෙනාට හොඳහැටි ගුටි පුජාවකින් සංග්‍රහ කළ අතර ඔවුහු බෙරග ඩිය ද කරේ එල්ලාගෙන ගෙජ්ජි සොළවමින් තොවිල් ඇඳුම් පිටින්ම පස්ස තා බලා දුවන්නට වුහ. කිසිවක් සොයා නොබලා ෂහාරුන්ට රැවෂවන මෙවැනි මිනිසුන්ට මේවා හොඳ පාඩම් බව පවසමින් කොක් හඬලා සිනා සමිත් ගැමියෝ හිවෙස් බලා පිටත්වුහ.
Comments
Post a Comment