gossiplanka image 1


විවාහකයකු නොවූ සීමන් අයියා රජයේ වත්තක කම්කරුවෙකි. කෑම බිම නැතත් ඔහු මුදල් ඉපයීමට රුසියෙකි.පියාගේ ඇවෑමෙන් ලද ඉඩමේ මහගෙදර යැයි කියාගත් තුඩා නිවසක තනිව ජීවත් වු ඔහුට වත්තේ අතිකාල සේවා මුරයක් මග හැරුනේ අසනීපයකදී පමණි. කාටද සීන් අයියේ ඔච්චර හම්බ කරන්නේ. ​මොකෝ උඹට ළමයි ළපටි ඉන්නවද? තම කම්කරු සගයන් ​එසේ ඇසුවත් කාටත් කරදරයක් නොවී ජීවත්වීම ඔහුගේ බලාපොරොත්තුව  බව සගයන්ට කියයි.


බැංකුවේ තැන්පත් කරන මුදල් හදිසි ලෙඩට දුකට සිනාගත්තතත් මෙදා වැළඳී ඇති රෝගය ටිකක් දරණු එකකැයි රෝහලේ දොස්තර මහතා කී නිසා මුදල් රැගෙන තමින් ළඟ තබා ගතහොත් හොද යැයි ලෙඩ ඇඳේ සිට කල්පනා කළේය. පසුවදාම බැංකුවට ගොස් මුදල් රැගෙන සිලී සිලි බෑගයේ ඔතා කිහිල්ල යට සඟවා ගමට යන බස් එක සොයා නැවතුම වෙත ආවේ කිසිදු බය සංකාවක් නැතුවය. වී පිටු පසින් ආ ලෙන්ගතු තරුණයාගේ හිතවත්කම් නිසාය. සැනෙකින් යතුරුපැදියක් ඔවුන් පසුකර ගියත් වයින් බිමට වැටුණු මුදල් පාර්සලය පැරණි පාසල අසල පාසු මාර්ග යේදී කාටත් තොරා දෙකට බෙදා ගන්නට තීරණය කළේ අර තරුගේ පෙරත්තය නිසාමය.


'' හරියටම දෙකටම බෙදමු”


'' ඕනෑ නෑ මාමානේ ඇහින්දේ මට ඔය කීයක් හරි දෙන්න '' " තරුණයා එසේ කීවා පමණි.


සැනෙකින් පැමිණි යතුරුපැදිකරු සීමන් අයියා සමඟ පොර බදා මුදල් පාර්සලය රැගෙන ඉගිල ගියේ නිකම්ම නොව සීමන් අයියා බැංකුවෙන් ගත් මුදල් සමග තරුණයාද පිටු පසින් ගන්වාගෙනය. කපටි තොරෙකුගේ උගුලකට අසුවූ බව ඔහුට වැටහුනත් ලැජ්ජාව නිසා කාටත්ම නොකියා ගෙදර පැමිණි සීමත් අයියා ඇඳට වැටුණේය.