එය ප්‍රධාන මාර්ගයක් අසල පිහිටි විසිතුරු මසුන් අලෙවි කරන තැනකි. එහි ටැංකිවල සිටින වටිනා මාළුන් නිතර එකා දෙන්නා අතුරුදන් වීමට පටන්ගෙන තිබේ.
මේ නිසා එහි හිමිකරු ලොකු වියදමක් දරා හොරා අල්ලා ගැනීමේ අරමුණින් සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් සවිකර ඇත. කවුරු හෝ මාළු ගැනීමට පැමිණෙන මුවාවෙන් වටිනා මාළු හොරකම් කරනවා ඇතැයි හිමිකරු සිතා ඇත.
මාළු හොරකම දිගටම සිදුවන නිසා දිනක් කැමරා දර්ශන පරීක්‍ෂා කරද්දී මාළු අලෙවි සැලට එන කොකෙක් වටිනා මාළුවකු ඩැහැගෙන යන අයුරු දැක ඇත.
මේ තරම් කාලයක් මේ මාළුවන් ගිල දමා ඇත්තේ කොකා බව එහි හිමිකරු දැන ගන්නා විට සිදුව තිබූ පාඩුව රුපියල් දහ දහක් පමණ බව පැවසේ.
පසුව දැල් ආවරණයක් යෙදූ පසු කොකාගේ කරදරය නැතිවී ගොස් ඇත
Comments
Post a Comment