කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි මොහු දෙදරු පියෙකි. වරක් විදෙස් රටකට වසර දෙකක් සේවය කර පැමිණි මොහු ටික දවසකින් නැවත වෙනත් රටකට යන බව පවසා නිවසින් ගොස් තිබේ. ටික දවසක් යන විට නිවස සමග සම්බන්ධතා නැවතුණ අතර ඔහු විසින් බැංකුවට උකස් කරන ලද රත්‍රන් භාණ්ඩ බේරාගන්නා ලෙස දන්වමින් බිරිඳගේ නිවසට ලිපි ලැබෙමින් තිබිණ. විදෙස්ගත තම සැමියා රන් භාණ්ඩ උකස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව සැක සිතූ බිරිඳ ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටියාය.
මේ අතර පසුගිය දිනෙක ඔහු හදිසියේ නිවසට පැමිණ ඇත්තේ තමන් විදෙස් රටේ සිට යළි ලංකාවට පැමිණි බව ප්‍රකාශ කරමිනි.
සැමියා ගැන යම් සැකයකින් පසුවූ බිරිඳ, ‘විදෙස්ගතව සිට පැමිණියානම් කෝ නිරෝධායන සහතිකය’ යි සැමියාගෙන් අසා තිබේ. ඒ සමගම අන්දුන් කුන්දුන් වී ඇති සැමියාට තවදුරටත් සත්‍ය වසන්කර ගන්නට නොහැකි වී තිබේ. මේ වන විට අසල්වාසීන්ද එම ස්ථානයට පැමිණ ඇති අතර සැමියාව පොලිසියට බාරදෙනු ලැබ තිබේ.
එහිදී හෙළි වී ඇත්තේ විදෙස් රටකට යන බව පවසා සැමියා පසුගිය වසර 17ක් පුරාම අනියම් බිරියක සමග ලංකාවේම වෙනත් පළාතක පවුල් කා ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Comments
Post a Comment