කෙසේ වෙතත් එම දිනවල ඇදහැළුණු අධික වැස්ස නිසා නිධානය හෑරීමට සුදුසු දවසක් එළඹෙන තුරු දෙදෙනා නොඉවසිල්ලෙන් කල් ගත කළහ. දිගින් දිගටම වැස්සෙන් අඩුවක් නොවූ අතර මාමාද ටිකෙන් ටික තමා මගහරිමින් සිටින බවක් බෑණාට හැඟී ගියේය. වැසි තත්ත්වය අඩුවූ පසුගිය දිනෙක බෑණා මාමාට නිධානයේ කටයුත්තට යෑම සඳහා යෝජනා කළේය. "අනේ බෑ පුතේ, වැස්සට තෙමිල තෙමිල ඔය ගල් කඳු බුරුල් වෙලා තියෙන්නෙ, කරුමෙටවත් ඔය ගල් කන්ද ගැලවිලා ආවොත් උඹටයි මටයි වෙන්නෙත් නිදන්ගත වෙන්න”යි කියමින් මාමා වැඩේ මඟහැරියේය.
මෙසේ දිගින් දිගටම මාමා මෙම කටයුත්ත මඟහරින නිසා බෑණා වෙනත් හිතවතුන් දෙදෙනෙකු කතාකරගෙන අවශ්‍ය අඩුම කුඩුමද රැගෙන නිධානය ගැනීමට ගොස් ඇත. ඒ අනුව නිධානය ඇතැයි අත්තම්මා කියූ පෙදෙසට රෑ ගිය ඔවුන්ට දැක ගැනීමට ලැබී ඇත්තේ එම මුළු ප්‍රදේශයම හාරා ගල් පෙරළා දමා ඇති ආකාරයකි. මේ කටයුත්ත කරන්නට ඇත්තේ වෙනත් කිසිවෙකු නොව මාමා විසින්ම බවට බෑණාට සක් සුදක් සේ පැහැදිලි විය. මාමා සමඟ හටගත් දැඩි කෝපයෙන් යුතුව නැවත නිවෙසට පැමිණෙන අතර මඟදීම ඔහුට වෙනත් අයෙකුගෙන් දැන ගැනීමට ලැබී ඇත්තේ මාමාටද එහි තිබී කිසිවක් ලැබී නැති බවත් ඔහුද හිස් අතින්ම පැමිණ ඇති බවත්ය.
කෙසේ වෙතත් මාමාගේ හොර හිත නිසා දෙදෙනාටම නිධානය අහිමි වීම පිළිබඳව බෑණා දොස් පවරන විට "උඹට අත්තම්මා වෙන්න කලිනුයි උන්දැ මගේ අම්ම වුණේ, ඒ නිසා තමයි මම මුලින්ම ගිහින් ඒක සෙව්වෙ” යැයි කියමින් මාමා ලිස්සා ගියාලු.
Comments
Post a Comment