එහෙත් ඊට ටික වෙලාවකට පසු මාගේ නිවසේ දුර කථනයට ඇමතුමක් ලැබුණි. ඉන් කියවුණේ මාගේ නැතිවූ පසුම්බිය මා නිවසට ආ ත්‍රිරෝද රියෙහි තිබූ බවය. එය රැගෙන පැමිණෙන බැව් එම රියදුරු මහතා මට දැන්වීය. කී පරිදිම ඔහු එම පසුම්බිය මා නිවසට රැගෙන විත් එය මා අතටම බාර දුන්නේය. ඔහු මහනුවර නුවරවෙල අම්පිටිය පාරේ පදිංචි ජී.පී.ඒ.ඒ. බණ්‍ඩාර නම් විය. ඔහු බුදු දහම පිළිබඳ මනා දැනුමක් ඇති බොදු වත් පිළිවෙත් සුරකින යහපත් ගුණධර්ම ඇති පුද්ගලයකු බව මට වැටහිණි. මිනිස් ගුණධර්ම ගිලිහී ගිය මෙවන් යුගයක අවංක මිනිසුන් අගය කළ යුතු බැවින් ඔහු පිළිබඳ රටට කියන්නට මෙසේ ලියා දන්වමි.
Comments
Post a Comment