ගැබිනි මව්වරුන් සඳහා වූආසනයේ වියපත් කාන්තාවක් සහ මැදිවියේ වූ තැනැත්තෙක් වාඩි වී සිටියහ. වාඩි වී සිටි ඔහු සරම කමීසය ඇඳි ගැමියකු බව පෙනිණ.
හික්කඩුව ප්‍රදේශයේ දී බසයකට නැග්ගේ බටහිර යුරෝපීය ඇඳුමැති තරුණ කාන්තාවකි. ඇය තරබාරුය. ගැබිනි අසුනේ වාඩි වී සිටි තැනැත්තා මේ කාන්තාවගේ උදරය දෙස කීපවරක් බලා තීරණය කළේ ඇය ගැබිනියක බවය.
‘‘අපි මේකේ වාඩිවෙලා යන එක හරි නෑ. ඔය නෝනා වාඩි වෙන්න’’ ඔහු නැගිට කීවේ ගැබිනියන්ට පමණක් වූ දැන්වීම් තහඩුව දෙස බලමිනි.
එදෙස බැලු කාන්තාව ඔහු දෙස රවා බලා ‘‘ඕකෙ වාඩි වෙන්න මට ඕනකමක් නෑ එහෙම ලෙඩක් මට නෑ’ කීවේ වට පිටද බලමිනි.
වඳින්න ගිය දේවාලය හිස පිට කඩා වැටුන බව දැනගත් මගියා යළි වාඩිවීමට ගියත් අසල සිටි කාන්තාවක මේ කතා මැද එහි වාඩිවීම නිසා ඔහු අන්දමන්ද වුණාලු.
Comments
Post a Comment