තමාට සිදුවූ මුදල් වංචාවක් පිළිබඳව පොලිසියට පැමිණිලි කළ කාන්තාවක් පැමිණිලිකරු වෙනුවට විත්තිකාරිය වීමේ සිදුවීමක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ උප නගරයක වූ පොලිස් ස්ථානයකිනි. ඇය කුඩා දරුවන් බලා ගැනීම සඳහා මසකට රුපියල් විසි පන් දහසක් ගෙවීමේ පොරොන්දුව මත ගමේ නිවසක වැඩ කළත් මාස දෙකක් ගත වුවද කිසිදු මුදලක් ලැබුණෙත් නැත. මේ පිළිබඳව වූ කතා බහ දුරදිග ගියෙන් ගැටුමක් ඇති වී ඇය පොලිසියට ගියේ සාධාරණය ඉටු කර ගැනීමටය. ඇයගේ පැමිණිල්ල ලිවීමට ගිය පොලිස් නිලධාරියා ඇගේ නම ගම තොරතුරු විමසූවිට ඒ නමට විරුද්ධව කලින් දිනයේ පැමිණිල්ලක් ලියැවුණ බව සිහිපත් වී ඒ ගැන සොයා බැලුවේය.පැමිණිලි පොතේ සඳහන් වූයේ ඇය ළමයින් බලා ගැනීමට නිවසට ආවත් දරුවන්ට දරුණු විදියට පහර දෙන නිසා මේ ගැන විමසා බලන ලෙසටය.
“හත් දෙයියනේ, අමූලික බොරු සර් කී ඇය තමා පොලිසියට යන බව කී නිසා ඇය ඊට පෙර පැමිණ මේ බොරු පැමිණිල්ල දමා ඇති බව කීවත් දෙදෙනාගේම පැමිණිලි ඉක්මනින් විභාග කරන බව පොලිස් නිලධාරියා කීවාලු'
Comments
Post a Comment