බසය අලුයම කොළඹින් පිටත්ව ඇති අතර විදේශිකයාද තලවිල පල්ලියට යාම සඳහා බසයට අත දමා තිබිණ. එහිදි බසය නවතා කොන්දොස්තර තැනගෙන් විදේශිකයා කැන් අයි ගෝ ටු කල්පිටි යනුවෙන් අසා ඇත.
කොන්දොස්තර තැන එසැනින්ම “යස් යස් කියත්ම කම් කම් සර් කම් කියමින් බසයට නංවාගෙන ආසනයක්ද පිරිනමා පැමිණියද ගමනාන්තයේදී විදේශිකයා තමා අතැති ජංගම දුරකථනයේ ආධාරයෙන් සිතියම් පරීක්‍ෂාවක් කොට දිස් ඊස් නොට් කොල්පිටි දිස් ඉස් ආ කුල්පිටි කියමින් අපහසුතාවට පත්ව ඇති බව දුටු හා සිදුව ඇත්තේ වංචාවක් නොව අදහස් හුවමාරුවේ අඩුපාඩුවක් බවත් මනාව තේරුම් ගත් අනෙක් බස්රථ හිමියන් නිවැරදි ඉංග්‍රීසි භාවිත කරමින් විදේශිකයා නැවත තෝප්පුව මංසන්ධියට නොමිලයේම කැඳවාගෙන වුත් කල්පිටිය බස් රථයකට නැංවීමට පියවර ගනු ලැබිණි.
ඉන්පසු එම බස්රථ රියදුරන් හා සහෝදර කොන්දොස්තරවරුන් අදාළ කොන්දොස්තරවරාට මිස්ටර් කොල්පිටි යන අන්වර්ත නාමයෙන් අමතන බවත් දැනගන්නට ඇත.
Comments
Post a Comment