එළවළු කුළුබඩු හිතේ හැටියට මිලදී ගත් ඇය සිය දියණියද සමග ඊළඟට ගොඩවූයේ පලතුරු කඩයකටය.
එම වෙළෙඳසලෙන් ගස්ලබු හා කෙසෙල්ගෙඩි තෝරද්දී දියණිය එහි එල්ලා තිබෙන පලතුරු පොකුරක් දෙස දෑස් නොසොල්වා බලා සිටින අයුරු දුටු පලතුරු වෙළෙන්දා දැරිය දෙස බලා සිනාසී,
‘දුවට මේකක්ද ඕනෑ? කියා ඇසුවේ එල්ලා තිබෙන පොකුර පෙන්වමිනි’’
‘‘එපා... එපා’’ කියා ඇය බියෙන් කෑගසද්දී ඇගේ මව කීවේ,
‘‘ඇයි පුතේ, අංකල් ආදරේටනේ දෙන්නේ... ගන්නකෝ....’’ කියාය.
එවර දැරිය විලාපදී හඬන්නට වූයේ එය එපාම කියමිනි.
ගෙඩිය අතට ගත් මව ‘‘ආ ගන්නකෝ මේව රසයි’’ කියා දැරියට ළං කළාය.
‘‘එපා... එපා.... කොරෝනා... කොරෝනා ගෙඩි එපා...’’ කියමින් දැරියගේ හැඬීම දෙගුණ වූයේ මවගේ ග්‍රහණයෙන්ද මිදී බිමට බසිමිනි.
‘‘එපා... මට එපා... ඕක කොරෝනා ගෙඩියක්’’ යැයි දැරිය බෙරිහන් දී හඬද්දී ‘‘දැනුයි නෝනා තේරුනේ ටී.වී. එකේ කොරෝනා වයිරස් පෙන්නද්දි දරුවාට මේ වගේ පේන්න ඇති.
යං... යං ගෙදර යං මට බයයි කියා දැරිය නොනවත්වා හඬන්නට වූයෙන් මව වෙළෙඳ සලෙන් පිටවූයේ තෝරාගත් පළතුරුද එපා කියමිනි.
දැරිය බියවූයේ හොඳින් ඉඳුණු රතු පැහැ රඹුටන් වල්ලකටය
Comments
Post a Comment