සිද්ධියට මුහුණපෑ පුද්ගලයා වසරකට ආසන්න කාලයකට පමණ පෙර නිවෙසක් අලුතින් මිලට ගෙන ප්‍රදේශයට පැමිණි පුද්ගලයෙකි.
එසේ පැමිණි ඔහුගේ නිවෙස පිහිටා තිබූ ඉඩමේ යාබද නිවෙසසට ආසන්නයේ මනාව වැඩුණු රඹුටන් ගසක් ද විය. මෙවර එහි හොඳ ඵලදාවක් දක්නට ලැබුණු අතර, පසුගිය කාලයේ අවට සතුන්ගෙන් ආරක්ෂා කිරීමට ද නිවෙස් හිමියා ඇතුළු පවුලේ පිරිසට වෙහෙසෙන්නට ද සිදුවිය. ඒ අතර රඹුටන් ගසේ තැනින් තැන ගෙඩි ඉදෙන්නට පටන් ගත්තේය.
පසුගිය දිනෙක හදිසියේ පවුලේ පිරිස සමග නිවසෙන් පිට ගමනක් ගොස් සවස් කාලයේ ආපසු එන විට රඹුටන් ගසේ ගෙඩි කවුරුන් හෝ කඩාගෙන ගොස් ඇති බව දක්නට ලැබිණි.
සවස් කාලය එළඹ තිබූ නිසා ඒ පිළිබඳ සෙවීමට වෙහෙස නොවූ නිවෙස් හිමියා පසුදා උදයේම නිවෙස අවට පුද්ගලයන්ගෙන් රඹුටන් ගස සම්බන්ධයෙන් විස්තර විමසුවේය.
එසේ තොරතුරු විමසූ විට තම නිවසට යාබද නිවසේ හිමිකරු පෙර දිනයේ ගම්මානය පුරා ගොස් රඹුටන් බෙදූ බවට ආරංචියක් ලැබිණි.
ඔහු මෙවර මැතිවරණය වෙනුවෙන් කැප වී වැඩ කරන පුද්ගලයකු බවත්, පෙර දින ඔහු එක්තරා අපේක්ෂකයකු වෙනුවෙන් ගම පුරා මනාප ඉල්ලා යමින් රඹුටන් බෙදූ බවටත් අසල්වැසියන්ගෙන් දැනගන්නට ලැබිණි.
නිවෙසට පැමිණි නිවෙස් හිමියා යාබද නිවෙස ගොස් අදාළ පුද්ගලයාගෙන් ඒ සම්බන්ධයෙන් විමසුවත් රඹුටන් කැඩූ බව පිළිනොගත් අතර, දෙදෙනා අතර බහින් බස්වීමක් ද ඇතිවූ අතර, ඒ අතරේ රඹුටන් ගසේ ඉතිරි රඹුටන් ගෙඩි ටික ද කඩාගන ගමටම බෙදා මනාප ලබා ගන්නා ලෙසත් චෝදනා කළේය.
Comments
Post a Comment