රිය ගැටුමකින් කකුලේ ආබාධයක් සහිත වූ රූමත් කාන්තාවක ද වාඩි වී සිටි අතර ඇගේ සැමියා සිටියේ වෙනත් පසුපස අසුනකය.
බසය නැවතූ පසු ඉන් බැසීමට ගිය ආබාධිත කාන්තාව වැටෙන්නට ගියෙන් තම ටිකට් පොත පසෙක වූ ආසනයකට වීසිකළ කොන්දොස්තර වහා පැන ඇය බදා ගත්තේය. ඇය සවිමත්ව ‘හරි හරි’ කියන විටත් කාන්තාව ඒ අයුරින් බදාගෙන සිටි කොන්දොස්තර දුටු සැමියාට යකා නැග්ගේය.
ඔහු තම බිරිඳ මුදා ගත්තේ කොන්දොස්තරට තදබල දෝෂාරෝපණයක් ද කරමිනි. මැදිවියේ වුවත් රූමත් කාන්තාවක නිසා එසේ අල්ලාගෙන සිටින්නට ඇතැයි සැමියා සිතුවත් කොන්දොස්තර කීවේ උදව්වක් කරන්න ගිහින් නිරපරාදේ පරිප්පු කෑ බවය.
Comments
Post a Comment