එවිට එහි දිව ආ කාර්යාල කාර්ය සහායක ‘ලොකු උන්නැහෙ ගාල ඇරපු හරක් වගේ යන්නෙ. මෙතන පෝලිමේ කී දෙනෙක් ඉන්නව ද?' කියා ගමන වැළැක්වීය.
'පියුං මෙහෙම නං ලොක්කා කොහොමට ඇත්දැයි' ඔහු සිතන විට පෝලිමේ වූවන් ඔහුට යන්නට ඉඩ දුන්නේ වයස සලකා බලමිනි. කාමරයේ සිටි නිලධාරියා ලිපි ගොනුවක් පෙරළන ගමන් අතින් සංඥා කළෙන් ඔහු වාඩිවූයේය. පසුව ඔහු දෙස බැලූ නිලධාරියා ‘ආ සර්' කීවේ විමතියෙනි. ඔහු ක්ෂණිකව නැගිට ගුරුතුමාගේ පා වැන්දේය.
‘සර්ල දෙවිවරු වගේ අපට උගන්නපු නිසා අද මෙතන ඉන්නෙ' කී ඔහු පියුං කැඳවා තේ එකක් ගෙනෙන ලෙස ද කීය. පියුං එහි ආ විට ගුරුතුමා කීවේ ‘පුතාට අපි දෙයියෝ වුනාට ගෝලයට නං අපි හරක් කියාය. පියුංට තරු පෙනුනේ කලින් කළ අවමානය සිහිවීම නිසාලු.
Comments
Post a Comment