සුළු සිද්ධියක් හේතුවෙන් අමනාපවී තම මවුපියන් වෙත ගිය බිරිය යළි නිවසට කැඳවාගෙන ඒමට ගිය සැමියකුට බිරියගේ මවුපියන් විසින් බරපතළ කොන්දේසි කීපයක් පැනවීම නිසා සැමියා බිරිය අත්හැර දමා යළි හිස් අතින්ම නිවසට පැමිණීමෙ සිද්ධියකි. ඒ මෙසේය. එක්දරු පියෙකු වු ඔහු රජයේ කාර්යාලයක සාමාන්‍ය රැකියාවක නිරත වු සේය. ඔහු තම මිතුරන් සමග ඉඳහිට අඩියක් ගැසීම පුරුද්දක් කරගෙන සිටි අතර එය බිරිඳ නොරිස්සුවාය. බීමත්කම දත්තා දෙමහල්ලන් අතර ගැටුම්වලටද හේතුවක් විය.
පසුගිය දිනෙක ඔවුන් අතර ඇතිවු ගැටුමක් නිමා වුයේ බිරිය දරුවාද රැගෙන සිය මවුපියන්ගේ නිවස වෙත යාමෙනි. දින කීපයක් බලා සිටියද බිරියත් දරුවාත් නැවත නිවසට තොපැමිණීම නිසා ඔහු මිතුරකුද සමග බිරිඳ සොයා ඇයගේ නිවසට ගිෂය් ඇයගෙත් සමාව ගෙන ආපසු කැඳවාගත ඒමේ අදිටනිනි. එහත් බිරිය වෙනුවට ඉදිරියට පැමිණිය් නැන්දම්මාය.
කෙල්ල එවන්නම්. හැබැයි මාමයි මායි දෙන්නත් එනවා. ගෙදර ඉන්න අපේ ලොකු දුගේ ළමයි දෙන්නත් එනවා. මොකද ඒ දරුවත් එහේ ඉඳන් හොඳ ඉස්කෝලකට යන්න පුළුවන්. අපිටත් සලකාගෙන බොන්නේ නැතුව ඉන්න ඕන. නැන්දම්මා තවත් කොන්දේසි කීපයක් දැම්මාය. එනපොට හොද නැතැයි තේරුම් ගත් ඔහු කහට උගුරක්වත් නොබී ආපසු හැරී සිය නිවස වෙත එන්නට හැරුනත් නැත්දම්මාගේ කොන්දේසිවලට යටත් වුවහොත් තවත් රස්සා දෙක තුනක් කරන්නට හෝ හොරකමේ යාමට තමන්ට සිදුවනු ඇතැයි තමා සමග ගිය මිතුරාට පවසමිනි.
Comments
Post a Comment