සිද්ධිය මෙසේය.
එකට වාසය කළ තරුණයින් පිරිසකි. මුදල් සෙවීමේ අවශ්‍යතාවය මත එක එකා මුදල් සෙවීමට කටයුතු කළහ.
ඒ අනුව එක් තරුණයෙකු යාබද වත්තකට ඇතුල් වුණේය.
නිවසේ ගෙහිමි මව කුස්සියේ අවදියෙන් සිටින බව ඔහු දුටුවේය.
ඇය කුස්සියෙන් ඉවත්ව යන තුරු ඔහු එහි කෙසෙල් පඳුරුවලට මුවා වී නිසොල්මන්ව සිටියේය.
වේලාව රාත්‍රී දහයට පමණ විය.
එතැන සිටි ඔහුට නින්ද ගියේය.
පසුදින පහන් වී ඇති අයුරු ඔහුට නොදැනුණි.
කුස්සියේ එහේ මෙහේ කැරකුණු මව පසුදින පාන්දරින් යළි අවදි වී ඇත.
ඇය ඉවුම් පිහුම් සඳහා ලහි ලහියේ සූදානම් වන්නීය.
ළිපේ තිබුණු අළු රැගෙන එය විසි කිරීම සඳහා සුපුරුදු කෙසෙල් පඳුරු අසලට ඇය පියමැන්නාය.
බඳුනක තිබූ අළු ඇය මිදුලේ වෙනදාටත් අළු දමන ස්ථානයට ම විසි කළා ය.
අළු පහර වැදුණු තරුණයා කෑ ගසාගෙන නින්දෙන් නැගිට්ටේය.
ඔහුගේ කෑගැසීමට අළු විසිකරන්නට ගිය මවත්, බියපත්ව ඊටත් වඩා වේගයකින් කෑ ගැසුවාය.
නිවසේ සිටි අයද කලබලයට පත්ව වහ වහා අවදි වී එතැනට පැමිණියහ.
ඔවුහු පැන යාමට තැත් කළ තරුණයා අල්ලා ගත්හ.
ඔහු යාබද නිවසේ තරුණයෙකි.
ඔහු පැමිණි කාරණාව රහසකි.
එහෙත් ඔහුගේ මිතුරු කැළ සිද්ධිය දනිති.
යාබද ගෙවත්තේ තිබූ කෙසෙල් කැණක් කපන්නට ගියත් කුස්සියේ රැඳී සිටි අම්මා ඉන් ඉවත්ව යන තෙක් කෙසෙල් ගස යට සිටි ඔහුට පසු දින පාන්දර වනතුරුම එතැනම නින්දයාමෙන් මෙම අලකලංචිය සිදු වී තිබෙන අතර එය දැන් ගම පුරාවටම ප්‍රසිද්ධ රහසක් වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
Comments
Post a Comment