සිද්ධිය මෙසේය.
නිවස පිහිටියේ මහල් නිවාස සකීර්ණයකය. පුරුෂයා අත්හැර තනිවම ජීවත්වන කාන්තාවක් එහි නිවෙසක වූවාය. පොලිස් නිල ලාංඡනය ප්‍රදර්ශනය කර ඇති නිල් පැහැති ටී ෂර්ට් එකක් සහ එම පාට දිගු කලිසමක් ඇඳගත් ඔහු තම යතුරුපැදිය මාර්ගයේ නවතා නිවසට පැමිණ ඇත්තේ සවස 6.30ට පමණය. ඔහු එම නිවසට පැමිණීමත් සමඟ ගේට්ටුවත්, නිවසේ දොරත් වසා පහත මාලයේ ලයිට් නිවා දැමූ බවක් සියැසින් දුටු අසල්වැසියෝ පැවසූහ.
පවතින කොරෝනා සහ ඇඳිරි නීතිය ගැන නිතරම විමසිල්ලෙන් සිටින අසල්වැසියෝ සිද්ධිය දෙස පැය තුනක පමණ කාලයක් බලා සිටියත් එම නිලධාරියා එළියට නොපැමිණි නිසා ඒ බව අසල්වැසියකු විසින් අදාළ පොලිසියට දැනුම්දී තිබේ. ලැබුණු තොරතුරු මත පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන විටම සැක කටයුතු පොලිස් නිලධාරියාද එළියට පැමිණීමත් සමග අසල් වැසියන්ගෙන් ‘හූ’ සංග්‍රහයක් ලැබුණි.
මේ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් ඔහුගේ යතුරුපැදියේ යතුර බාරගෙන යතුරුපැදිය තල්ලු කරගෙනම පොලිසියට යන ලෙස ඔහුට නියම කළේය.
ඔහු යතුරුපැදිය තල්ලු කරන්නට උත්සාහ ගත්තත් එය ඉක්මණින්ම තල්ලු කරන්නට අපහසු වූයේ ඒ වනවිටත් කවුරුන් හෝ කෙනෙක් යතුරුපැදියේ රෝද දෙකේම හුළං යවා තිබූ නිසාය. සැකකාර පොලිස් නිලධාරියා නොනවතින හූ හඬ මැද පසු නොබලාම යතුරුපැදිය තල්ලු කරගෙන ගියේය.
Comments
Post a Comment