අවුරුදු හැට පහක් පමණ වයසැති සැමියා නොසිතූ ලෙසින් සිය නිවස තුළම මියගොස් තිබේ. හදිසි මරණයක් නිසා මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නිලධාරීන් පිරිසක් නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී දරුවන් කිසිවකුත් නිවසෙහි සිට නොමැති අතර නිලධාරින් මියගිය අයගේ බිරිඳ ගෙන්වා ඔහුගේ නම වයස පිළිබඳව විමසා තිබේ. ඇය තම සැමියාගේ නම වාසගම, වයස කිසිවක් නොදන්නා බව නිලධාරීන්ට කීවාය. දරුවන් තිදෙනෙකුත් ලැබී වසර තිස් පහක් පමණ කාලයක් ගතවනතුරු එකට පවුල් කෑ බිරිඳ තම සැමියාගේ නමවත් නොදැන සිටීම පිළිබඳව නිලධාරීන් පමණක් නොව අසල්වාසිනුත් පුදුමයට පත් කරවු කරුණක් වුණාලු.සැමියාගේ නමවත් නොදැන සිටියද අනේ මගේ දෙවියෝ ඔයා මාව තනියම දාලා ගියා නේදැයි අසමින් ඇය විලාප තබමින් හඬා වැටුණලු.
Comments
Post a Comment