වහ වහා ඇය එන්නට මත්තෙන් සැමියා හා හිතවතුන් එක්ව සාරිය සෝදා මිරිකා අව්වේ වනා තිබුණේ වේලා ගැනීමටය. ඒ අතරතුර ඇය සේවය නිමවී නිවසට පැමිණියාය. සාරිය වනා තිබෙන අයුරු දැක ඒ ගැන කරුණු විමසුවාය. කුරුල්ලෙක් සාරියේ පහරලා. මම පස්සේ සාරිය සේදුවා. සැමියා පිළිතුරු දුන්නේය. ඒ සමගම ඇය විලාප දිදී හඬා වැළපුනාය. ඒ ශබ්දය ඇසී අසල්වැසියෝ ද පැමිණියහ.
“අනේ මේ බලන්න සාරිය සෝදලා ඒක මිරිකලා. ඒකේ මල් ඔක්කොම හේදිලා ගිහිල්ලා. මේක මගුල් ගෙදරක තියා පාරක නිකම්වත් අඳින්න පුළුවන් ද" යනුවෙන් ඇය තොරතාංචියක් නැතිව කියවන්නට වූවාය. පසු දින මගුල් උත්සවය නිසා සාරියක් මිලදී ගත්තත් එය මසා ගැනීමට තැනක් නැත. එය වටහාගත් ඇය යන කෙනෙක් මගුලේ යන්න කියා සාරිය තව තවත් ගුලිකරගෙයි මුල්ලකට විසි කර දැමුවාය. පවුලේ සියල්ලෝ මංගල ගමනට පසුදින සහභාගි වී ඇතත් ඇයට අත් වූ ඉරණම වටහා ගත් සැමියා ද පසුදින මංගල ගමන වර්ජනය කළේය
Comments
Post a Comment