මේ පලතුරු කඩේ ප්‍රදේශයේම නැවුම් පලතුරු නිසා ප්‍රසිද්ධියට පත්ව තිබූ අතර එහි වෙළෙඳාමේ යෙදුණේ මැදිවියේ වූ සැමියා හා තරුණ වියේ වූ රූමත් බිරිඳය.
කොරෝනා උවදුර නිසා එම කඩේ ඉදිරි පස පොලිතින් ආවරණයක් යොදන ලෙස ලද සෞඛ්‍ය උපදෙස් නිසා ගනුදෙනු සිදුවූයේ පොලිතින් ආවරණයේ කුඩා කවුළුව තුළිනි.
නිතර පහේ කඩේට එන තරුණයකු පසුගියදා කඩේට ආවේ පලතුරු කීපයක් මිලදී ගැනීමටය. පලතුරු කීපයක් තෝරාගත් ඔහු මිල ගණන් හැදීමට ඒවා ප්ලාස්ටික් බේසමත දමා පොලිතින් කවුළුවෙන් දිගු කරන විට ඒවා ගත්තේ බිරිඳය. තරුණයා බිරිඳගේ අතද අල්ලන ආකාරය කවුන්ටරයේ සිටි සැමියා දුටුවද ඔහුට මඳ කුතුහලයක් ඇතිවිය.
ඔහු දුන් මුදලේ ඉතිරිය හා පලතුරු දැමූ බෑගය බිරිඳ අාපසු දෙනවිටද තරුණයා ඇගේ අත මිරිකනු ඔහු පැහැදිලිවම දුටුවෙන් තරුණයාට මඳ දෝෂාරෝපණයක් කරන විට බිරිඳ‘‘ ඕවා ගණන් ගන්න එපා අනේ මං විෂ බීජ නාශක අතේ ගාගන්නම්’’ කීමෙන් වෙළඳ සැමියාගේ කෝපය දෙගුණ තෙගුණ වුණාලු.
Comments
Post a Comment