සෙෙරප්පුව මසා ගැනීමට පැමිණි පුද්ගලයා මවිතයෙන් බලා සිටියේය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එතැනට පැමිණියහ.
‘කෝ මෙයා? එක් නිලධාරියෙක් සෙරෙප්පුව සාදා ගැනීමට පැමිණි අයකුගෙන් විමසීය.
‘මමත් එයා එනකන් තමයි බලන් ඉන්නේ? හෙතෙම බොරුවක් ඇද බෑවේය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විනාඩි කිහිපයක් බලා සිටියත් සපත්තු මහන්නා පැමිණෙන පාටක් නැත. ‘මගෙත් සපත්තුවක් මහගන්න ආවේ. මිනිහා නැහැනේ. අපි යන්නම්. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිටව ගියහ.
සුළු වෙලාවකින් සපත්තු මහන්නා හති දමමින් පඩිපෙළ බැස ගෙන පැමිණියේය.
මම හිතුවේ මාව අල්ලන්න ආවා කියලා. මම ඊයේ මාස්ක් එක නළලේ දාගෙන හිටියා. මහත්තුරු ඊයේ මා දිහා බලාගෙන ගියා. අදත් එහෙමනේ හිටියේ. ඒකයි මම දිව්වේ? යැයි පවසා මුඛ ආවරණය හරිහැටි දමාගත් ඔහු තම කාර්යයේ යෙදෙන්නට විය. රාගම නගරයේදී සිදු වූවකි.ක්‍රිස්ටෝපර් සීපියන්.
Comments
Post a Comment