මේ වන විට රටේ ඇති දුෂ්කර තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කරමින් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය පවත්වන ලද්දේ දරුවන්ට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන ලෙසත් නොහඳුනන්න දරුවෙකු වුව ද විභාගයට යන්නේ නම් තමාගේ වාහනයේ හෝ ගෙනගොස් විභාගය පැවැත්වෙන විදුහලට ගෙන ගොස් දමා දරුවන්ට පිහිට වන ලෙසත් ජනතාවගෙන් ඉල්ලීමක් කිරීමෙන්ද අනතුරුවය. කෙසේ වුවද විභාගය පැවති පසුගිය දිනෙක මෙම ගමෙහි තරුණයකුට සැල වුයේ ඔහුගේ හොඳම මිතුරාගේ මිත්තණිය මිය ගොස් ඇති බවයි.
සිද්ධිය දැනගත් වහාම ජැන්ඩි පහට සුදු ඇඳුමකින් සැරසී නිවසින් පිටත් වුයේ තම මිතුරාගේ නිවසට යාමේ අටියෙනි. බස්රථයක් පැමිණෙන තෙක් බස් නැවතුමේ සිටින අතරේ ඔහු සිහින මැව්වේ විභාගයට යන අයුරින් වාහනයක නැග පිනා පාරක් යා ගත හැකි වුවොත් වාසනාවක් යනුවෙනි. අවමගුල තිබූ නිවසට සැතපුම් පහක් පමණ තිබුණි. මේ වන විට වෙලාව අටයි තිහ පමණ වී තිබූ අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවය කරන නිලධාරියෙක් රැස්වීමක් සඳහා තම පෞද්ගලික මෝටර් රථයෙන් යන අතරතුරදී මෙම දරුවා දැක වාහනය නතර කර විභාගයට යන දරුවෙක් දැයි විමසීය. තරුණයා එක්වරම පාත් වූ වාසනාවට පිටු නොපා පැවසුවේ ඔව් යන්නයි.
විදුහලේ නම විමසු විට මළ ගෙදර ආසන්න විදුහලක නම සඳහන් කළ අතර නිලධාරියා තමා යාමට පැමිණි ගමන ප්‍රමාද කර මේ දරුවා පෙරවරු නවයට පෙර විදුහලට ඇරලීය. කොලුවා ද සැපසේ වායු සමීකරණය කළ වාහනයක යාමට වාසනාව ලැබීම ගැනත් තමාගේ කපටි නුවණ ගැනත් යටි සිතින් සිතමින් ගොස් මළ ගෙදර ආසන්නයේ තිබූ විදුහල ලගින් බසිනවාත් සමඟම මෙම නිලධාරියාට සැකයක් දැනී පුතේ admission (ප්‍රවේශ පත්‍රය ) පෙන්වන්නැයි ඉල්ලීය. මෙම තරුණයාට හීන් දාඩිය දැමීමට පටන් ගත් අතර ගොත ගසමින් ඇත්ත සිද්ධිය හෙළි කරනවාත් සමගම මෙම නිලධාරියාගේ කෝපය ඉහවහා ගොස් අත දිග හැර කනේ පාරක් දුන්නේය.වටයක් කැරකී බිම ඇද වැටුණු කොලුවාට ලුණු ඇඹුල් හැර දෙක තුනක් කියා වාහනයට නැගි නිලධාරියා රැස්වීමට යන විට වේලාව ද පසු වී තිබුණි.
Comments
Post a Comment