පෙරදින රාත්‍රියේ මළ ගෙදරක සිටි නිසා නිදිමත බව තරුණයා පැවසූ බව කීප දෙනකු දැනගත් අතර ඔහු තරුණියගේ සිරුරට හේත්තු වී නිදන්නට විය. අතරමග නැවතුමකදී බසයෙන් බැස යන බව ඇය පැවසුවාය. දැන් නැවතුමද ඉතා ආසන්නය. තද නින්දෙහි සිටින තම පෙම්වතා හෙමින් සීරුවේ තම සිරුරෙන් මෑත් කොට කඩිනමින් නැගිට සීනුව නාද කොට බැස ගියාය.
තද නින්ද නිසා ඔහුට කිසිවක තේරුමක් නොවීය. හිස්වූ තැනට පැමිණියේ අවුරුදු අසූවක පමණ කාන්තාවකි. වටපිට බලා අසුන්ගත් ඇය තරුණයා නිදන අයුරුද දුටුවාය.
මදක් නෙත් හරිමින් කෙළ පෙරාගත් ඔහු එක්වරම බදාගත්තේ වයසක කාන්තාවය. බියවී මරලතෝනි දෙන්නට වූ ඇය දෙස බස්රියේ සියලු දෙනාම බලන්නට විය. බස්රිය නතර වූ අතර සිද්ධිය කුමක්දැයි සෙවීමේදී සිදුවුණේ මෙයයි.
තමා නින්දෙහි සිටියදී පෙම්වතිය බැස ගිය අයුරු ඔහු නොදන්නා බවත් ඇය යැයි සිතා අඩ නින්දෙහි යෙදී වයසක ආච්චි බදාගත්තේ නොදන්නාකම නිසා බවත් පැවසීය.
ගමනක් යනකොට මිට පස්සෙ හොඳ සිහිකල්පනාවෙන් යන්ඩ දැනගන්නව. නැත්නම් ඉතින් ගුටිත් කාල පොලිස් කූඩුවේ ලගින්නයි වෙන්නේ. රියදුරු මහතා පැවසූ දෙයින් ඔහු හොඳහැටි නෙත්හැර බැලුවේය.
මේ සිදුවීම කාගේත් සිනාවට ලක්වූ අතර තරුණයා ආච්චිගෙන් වැඳ සමාව ගත්තේ පාඩමක් ඉගෙන ගනිමිනි.
කරුණාදාස සපුතන්ත්‍රි
Comments
Post a Comment