රජ්ජුරුවෝ දෙවන බසයට අත ඉස්සුවා. රජ්ජුරුවෝ නැග්ගා. බල්ලත් නැග්ගා පෙර බසයෙන් වගේම ඒ බසයෙනුත් රජ්ජුරුවෝ බැස්සා. බල්ලත් බැස්සා. දැන් රජ්ජුරුවන්ට වැඩේ තේරුණා. දැන් ඉතින් පයින්ම යනව ගෙදර කියා හිතාගෙන රජ්ජුරුවෝ යනවා. බල්ලත් යනවා. බෙලෙක්කඩේ හන්දියේ දී රජ්ජුරුවෝ බනිස් ගෙඩියක් අරං බල්ලාට දුන්නා. දැන් බල්ලා බනිස් කන ගමන් රජ්ජුරුවන්ගේ පස්සෙන් යනවා.
දැන් නිවසට කිට්ටුවෙද් දී වැස්සක් වැස්සා. රජ්ජුරුවොයි බල්ලයි නිවස ළඟට කිට්ටු වෙනකොට, ‘‘හාමිනේ, ටිකක් තෙමුණා. ඔයා සබන් කෑල්ලයි, තුවායයි දෙන්නකෝ නාගෙනම එන්න’’ දැන් රජ්ජුරුවොත් බල්ලත් දෙන්නම නාල පිටුපස දොරෙන් රජ්ජුරුවෝ ඇතුල් වුණා. බල්ලා එළිපත්තේ නිදා ගත්තා. රාත්‍රී ආහාර අරං බල්ලාට කන්න දෙන්න යනකොට ආ මේ මොකද බල්ලෙක්. හාමිනේ ඇහුවා. ඒක මම පස්සෙ කියන්නං රජ්ජුරුවෝ නිදාගත්තා.
පසුදින පාන්දර සෙනසුරාදා රජ්ජුරුවෝ ගෙදර ඇති කරන බල්ලත් අරගෙන පාර පැත්තට ගොස් ටික දුරක් ඇවිදල ගෙදරට ආවා. අර බල්ලත් ඒ වගේම ගෙදරට ආවා. ඉරිදා දිනයත් පසු කර සඳුදා දිනයේදී රජ්ජුරුවෝ කොළඹ ආවා. සිකුරාදා බලු සිද්ධිය රජ්ජුරුවන් තම මිතුරකුට කීවා. මිතුරා මේකේ ඇත්ත නැත්ත දැන ගන්න රජ්ජුරුවන්ට නොතේරෙන්න ගල්කිස්සේ අර අවන්හලට ගියා. බල්ල එතන වැතිර ඉන්නවා ඔහු දුටුවා.
ආ.... වේටර් ළමයා මේ බල්ලා හැමදාම ඔතනම ද ඉන්නේ.
ඔව් මහත්තයා. ඒ වුණාට සිකුරාදා ඉඳන් බල්ලා නැතිවයි හිටියේ. අද දවල් තමයි ඇවිත් තියෙන්නේ වේටර් කිව්වා. දැන් ඔහුට රජ්ජුරුවෝ කී කතාව ඇත්ත බව වැටහුණා.
පී. චන්ද්‍රපාල පීරිස්,
Comments
Post a Comment