සබරගමුව පළාතේ උපනගරයක් ආශ්‍රිතව පිහිටි නිවසක වු ගුරු යුවළකි. දියණිය මහ ඉහළින් ශිෂ්‍යත්වය සමත් වූ නිසා ඇයට අගනුවර පාසලක් ලැබීමේ හේතුවෙන් පවුලේ අය අගනුවර පදිංචියට ගියහ. ඔවුන් සිටි නිවස පාලුවට ගිය නිසා අසල්වැසියකුගේ මග පෙන්වීම් පරිදි එය දෙවසරකට බද්දට දුන්නේය. බදු ගත් අය මද කලක් එහි සිටියද පසුව බදු මුදල් නොගෙවීම නිසා ඒ ගැන සෙවීමට හිමිකරු එහි ගිය විට දිගු කලක් ගේ වසාදමා ඇති බව පෙනිණි.
ඔහු ළඟ තිබු අමතර යතුරෙන් දොර විවර කළ විට ඔහුට දෙවියන් සිහිවිය. ගේ මැද විශාල පතලක් කපා තිබු අතර දෙපස කාමරවල පස් ගොඩගසා තිබිණි. වහාම මේ පිළිබඳව පොලිසියට දැනුම් දුන්නත් තවම මේ වංචනිකයා නීතියට හසුකර ගැනීමට නොහැකි වෙලාලු.
Comments
Post a Comment