gossiplanka image 1
 


මහ සිකුරාදා (ශුද්ධ වූ සිකුරාදා/කළු සිකුරාදා) යනු දුක සිහි කරනු ලබන, කිතුණු බැතිමතුන්ගේ සුවිශේෂ ආගමික දිනයකි. එදින ශුද්ධ වූ සිකුරාදා, කළු සිකුරාදා යන නම්වලින් ද හැඳින්වේ. ජේසු ස්වාමි දරුවාණන් කුරුසිය මත දිවි පිදූ මහ සිකුරාදාට යෙදෙන සුවිශේෂ සිද්ධි මාලාව ඇරඹෙන්නේ ඊට පෙර දිනය වූ මහ බ්‍රහස්පතින්දා ශාන්ත සභාවේ සදාතන මහා ප්‍රාතිහාර්යයෙනි. පූපය බෙදා දෙමින් මේ මාගේ ශරීර යැයි ද මිදි රස බඳුන බෙදා දෙමින් මේ මාගේ ලෙය යැයි ද කියමින් එතුමන් දිව්‍ය සත් ප්‍රසාදය ස්ථාපිත කලේ එදින ය. ජේසු සමිඳුන්ගේ අවසන් රාත්‍රී භෝජනයත්, පාවා දීමත්, කුරුසිය මත දිවි පුද දීමත් යන සුවිශේෂ සිදුවීම් පෙළ මහ බ්‍රහස්පතින්දාවෙන් ඇරඹී මහ සිකුරාදා දක්වා ගලා යයි. එම සිදුවීම් පෙළ හෙවත් දුක්ඛ ප්‍රාප්තිය සිහි කෙරෙන මහ  සිකුරාදා දිනය කිය න් බතිමතුන් සමරන්නේ ශෝකයෙනි.


ශාන්ත සභාවේ සදාතන මහා ප්‍රාතිහාර්යය


උන්වහන්සේ පේදුරු ද යොහාන් ද අමතා, 


"ඔබ ගොස් අප විසින් පාස්කු භෝජනය වළඳනු පිණිස එය පිළියෙළ කරන්නැ''යි වදාළ සේක.

"කොතැනක පිළියෙල කරනවාට කැමැතිදැ”යි ඔවූහු උන්වහන්සේන්ගෙන් ඇසූහ.

"නුඹලා නුවරට ඇතුළු වූ විට මනුෂ්‍යයෙක් පැන් කළයක් ගෙන යනවා නුඹලාට සම්භ වන්නේ ය. ඔහු යන ගෙදරට ඔහු පසු පස්සේ ගොස් ගෙයි ස්වමියාට කතා කොට මා විසින් මාගේ ගෝලයන් සමග පාස්කුව කන්ට හැකි වූ ආගන්තුක ශාලාව කොතන දැයි ආචාරින් අසන බව කියාපල්ලා"

"සූදානම් කර තිබෙන උඩු මහලත් ඔහු නුඹලාට පෙන්වනවා ඇත. එහි පිළියෙල කරපල්ලා"

නියමිත වේලාවෙතත් දී , වහන්සේගේ ගෝලයෝ කෑම කෑමට හිඳ ගත්හ.  උන්වහන්සේ ඔවුනට කතා කොට මා වද විඳීමට පළමුවෙන්  මේ පාස්කු භෝජනය ඔබ සමඟ වළඳන්නට අතිශයින්ම ආශා වෙමි. මක් නිසාදැයි නුඹලාට කියමි. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ දී එය සම්පුර්ණ වනතුරු මම එය නොකන්නෙමි.

ආහාර වලඳමින් සිටිය දී ගෝලයන් අමතන උන්වහන්සේ ඔහුගෙන් එක් අයෙකු තමන් පාවා දෙන බව පැවසූහ. අනතුරුව උන්වහන්සේ පූපය අතට ගෙන, එය ඔවුනට කඩා දෙමින්

"වලඳන්න මේ මාගේ ශරිරයැයි වදාළහ.


 අනතුරුව මිදි යුෂ කුසලානය ගෙන


"මෙය බොහෝ දෙනා වෙනුවෙන් වගුරුවනා මගේ ගිවිසුම් රුධිරයයි" යැයි කියා එය ඔවුන්ට දුන් සේක. රාත්‍රී භෝජනයෙන් අනතුරුව ස්කූන් වහන්සේ උතුරු සළුව ගලවා ඉණ වටා රෙදි කඩක් බැඳ භාජනයට ජලය වත් කොට ගෝලයන්ගේ පා  සෝදන්නටත් හිණ බැඳි රෙදි කඩින් එම පා පිසලන්නටත් පටන් ගත්හ.


ස්වාමියා සේවකයන් හමුවේ දාසයන්ගේ ද දාසයකු විය යුතු  බැව් සනාථ කරමින් උන්වහන්සේ අපට පෙන්වා දුන්නේ අඩු තරමින් වැරදි කමා කර අඩු පාඩුකම් ඉවසීමට තරම්වත් අප කාරුණික විය යුතු බවයි. අවසන් රාත්‍රී භෝජනය අවසන් වූ පසු උන්වහන්සේ නියමිත මොහොත ඉතා නුදුරුව ඇති බැව් දත් බැවින් යෙරුසෙලමේ මල් උද්‍යානයට ගොස් දෙවියන් වහන්සේ යාච්ඤා කළ සේක. ඉතාම ශ්‍රේෂ්ඨ වූත් ඉතාම දුෂ්කර කාර්‍ය භාරයක් තමනට ඉටු කිරිමට ඇති බව උන්වහන්සේ දැන සිටියහ.  මල් උයන් කළ යාච්ඤාව අවසන් වත් ම ජුදාස් ජේසු ස්වාමී දරුවාණන් සිප ගැනීමෙන් යුදෙව්වන් අතට පාවා දීම තහවුරු කළේ ය. (ජේසු ස්වාමි දරුවන්ව පාවාදීම වෙනුවෙන් ජුදාස්ට රිදී කාසි 30 ක් ලැබුණේ ය. අත් අඩංගුවට ගත යුත්තේ තමා සිපගන්නා අය බව කලින් ම ඔහු සෙබලුන්ට දන්වා තිබුණි) (මැතිව් 26:14-16)



දුක්ඛ ප්‍රාප්තිය


ජේසු ස්වාමී දරුවාණන්ගේ දුක්ඛ ප්‍රාප්තිය සිදු වූයේ සියලු ම මනුෂ්‍යයන්ගේ පාපයේ වන්දිය ගෙවා දැමීමට ය. උන්වහන්සේ මිනිස් සිරුරකින් යුතුව ලොව පහළ වූයේ ද ඒ සඳහාම ය. විශ්වයේ මැවුම්කරුවාණන් වන දෙවියන් වහන්සේ සාධාරණත්වයත්  ධර්මිෂ්ඨභාවයත් නිසා මිනිසාගේ පාපයට හිමි දඬුවම නියම කොට ඇත. එම දඬුවමට හිමි වන්දිය ස්වාමි දරුවාණෝ කරට ගත්හ. ජේසු තුමන් දඬුවමට ලක් කොට මරා දැමීම සඳහා අධිකරණ දෙකක් ක්‍රියාත්මක විය. ඒ ජුදා අධිකරණය සහ රෝම අධිකරණයයි. ජුදා අධිකරණය සහ පූජකවරු ජේම්සු තුමන් මරණයට පත් කිරීමට බොරු සාක්ෂි සෙවූ බව මතෙව් තුමා සඳහන් කොට ඇත. බොහෝ බොරු සාක්ෂි ඉදිරිපත් වුව ද උන්වහන්සේ මරණීය දණ්ඩනය නියම කිරීමට තරම් ඒ ප්‍රමාණවත් වූයේ නැත. උන්වහන්සේගේ නීතියේ තොණ්ඩුව දැමීමට අනතුරුව ඉදිරිපත් වූයේ පූජකයන් අතර ප්‍රධාන පූජකයා ලෙස කටයුතු කළ කපාපස්" (Caiaphas)ය.


"ඔබ දෙවියන් වහන්සේන්ගේ පුත්‍ර වන ක්‍රිස්තුවරයාණන් ද?

කයාපස් ඇසුවේ ය.


උන් වහන්සේ එය නිවැරැදි බව ප්‍රකාශ කළහ. කයාපස්ට අවශ්‍යව තිබුණේ ද එම පිළිතුරමයි. අනතුරුව ජේසු තුමන් දේ අපහාසනය කිරීමේ චෝදනාවට වැරදිකරු බව දුෂ්ට කයිපස් විසින් හුවා දැක් වූ අතර ජුදා අධිකරණය ඒ අනුව ජේසු තුමන් මරණිය දණ්ඩනයට යටත් කළ යුතු බවට තීන්දුව ප්‍රකාශයට පත් කළේය. එහෙත් යමෙකුට මරණීය දණ්ඩනය දීමට ජුදා අධිකරණයට බලයක් නොවීය. එබැවින් ජේසු තුමන් එම දඬුවම සනාථ, කරවීම සඳහා රෝම අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. යුදෙව් අධිකරණයට ඉදිරිපත් කළ චෝදනා රෝම අධිකරණය හමුවේ ප්‍රබල නොවීය. එබැවින් ඔහු රෝම අධිකරණය විසින් රෝම ආණ්ඩුකාරයා වූ පොන්ටියස් පිලාට් (Pontius Pilate) වෙත ඉදිරිපත්  කරන ලදී. නමුත් ආණ්ඩුකාරවරයා කියා සිටියේ ජේසුතුමන් මරණීය දණ්ඩනය දීමට තරම් වරදක් කර නොමැති බවයි.


නමුත් ජුදා අධිකරණ නිලධාරීන් කයපස් ඇතුළු පුජකවරු සහ ඔවුන්ගේ පිරිස කියා සිටියේ ජේසු තුමන් සීසර්ට බදු නොගෙවන ලෙස ජනතාව පොළඹවමින් තමන් මෙසියස්” (මගපෙන්වන්නා) බව ප්‍රකාශ කළ වගයි. එමෙන්ම රෝම ආණ්ඩුවට එරෙහිව ජනතාව පොළඹවමින් කැරැල්ලක් ඇති කිරීමට පේසු' නැමැත්තා ක්‍රියාකළ බවයි. මෙවැනි අභූත චෝදනා නගමින් එතුමගේ මරණ දඬුවම සනාථ කර ගැනීමට ඔවුන් උත්සාහ කළ බව ශුද්ධ වූ ලූක් තුමාගේ වාර්තාවලින් පැහැදිලි වේ. (ලූක් 23:12)


නිවැරදිකරු බව වැටහීම


සියලු චෝදනා සලකා බැලූ වටහා ආණ්ඩුකාර පොන්ටියස් පිලාට් ජේසුස් වහන්සේ නිවරැදිකරු බව වටහා ගත්තේ ය. උන්වහන්සේ ව මරණීය දණ්ඩනයට යටත් කිරීම නුසුදුසු බව අවබෝධ කරගත් ආණ්ඩුකාර පිලාට් උත්සාහ දැරුවේ එතුමන්ට කස පහර කිහිපයක් ගසා නිදහස් කොට හැරීමට ය. ජේසුතුමන් නිදහස් කිරීමට ජුදා ජනතාවගේ කැමැත්ත විමසීමට පවා පිලාට් උත්සාහ කළේ එබැවිනි. එම උත්සාහය යටපත් කිරීමට, එදින අධිකරණයට ඉදිරිපත් කර තිබූ කෝලහලයක දී මිනිසෙකු මැරූ බවට චෝදනා ලැබු බරබ්බස්ව නිදහස් කරන මෙන් ආණ්ඩුකාරයාගෙන් ඉල්ලීමට ජුදෙව් ජනතාව පොළඹවන ලද්දේ කයාපස් ඇතුළු පූජකයන් විසිනි. ඒ අනුව නිවරැදිකරුවකු වූ ජේසු තුමන්ට කස පාරවල් කිහිපයක් තැලීමෙන් පමණක් නිදහස් කොට යවන්නට ආණ්ඩුකාර පිලාට් ගත් උත්සාහය ව්‍යර්ථ විය.


කයාපස්ගේ මෙහෙයුම අනුව ජේසුස් කුරුසියේ ඇණ ගසා මරණ ලෙස ජුදෙව් ජනතාව උද්ඝෝෂණය කළහ.(මාරක් 15:6-14) ජනතාවගේ නැගී සිටීමක් ඇති වෙතැයි බිය වූ පිලාට් ආණ්ඩුකාරයා යුක්තිය සහ සාධාරණත්වය වෙනුවට ජනතාව සහ ජුදෙව් පූජකවරුන් සතුටු කිරිම සඳහා ජේසුතුමන් කුරුසියේ ඇණ ගසා මරා දැමීම නිල වශයෙන් අනුමත කළේ ය.  උන්වහන්සේන්ගේ හිසට කටු ඔටුන්නක් දමා කස පහර දෙමින් ජෙරුසෙලම් නගරයෙන් පිටත වූ කපාල පිටිය හෙවත් කල්වාරි ගොල්ගොතා (Golgotha) නම් ස්ථානයට කුරුසිය ද ඔසවා ගෙන යාමට උන්වහන්සේට සැලැස් වූ වධකයෝ ජේසු තුමන්ගේ දෑත සහ දෙපා කුරුසියට තබා ඇණ ගැසූහ. (ජෝන් 19:17-22) තවත් මරණිය දණ්ඩනයට යටත් කළ දාමරිකයන් දෙදෙනෙකු ද මේ සමඟ ගෙන ගිය වධකයෝ ඔවුන් උනවහසේ දෙපස කුරුසිවල ඇණ ගසා මරණයට පත් කළහ. උන්වහන්සේට විරුද්ධව චෝදනාව සටහන් කොට කුරුසියේ එල්ලා තැබුණු පුවරුවේ සටහන්ව තිබුණේ "නසාරතයේ ජේසු, යුදෙව්වන්ගේ රජු මොහු ය" යන්න ය.


ජේසුතුමන්ගේ දුක්ඛ ප්‍රාප්තිය සිදු වූ දිනය මුල් කොට පැවැත්වෙන මහ සිකුරාදා දිනය කිතුණු බැතිමතුන්ට විශේෂ දිනයක් වන්නේ ඔවුන් වෙනුවෙන් එතුමන් වධයට, මරණයට, කැප වී ඔවුනට සමාදානය ලබා දුන් බව අදහන හෙයිනි.


අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය පිළිබිඹුව


මහ බ්‍රහස්පතින්දා දිනය ලෙස සලකන්නේ ජේසු තුමන් ගෝලයින් සමඟ අවසන් රාත්‍රී භෝජනය වැළඳූ දිනයයි. එදින සවස් භාගයේ සෑම කිතුණු දේවස්ථානයක ම විශේෂ දේව මෙහෙයක් පැවැත්වේ. මෙදින දේවත්වයේ ගාම්භීරත්වය පසෙකලා නිහතමානීත්වයේ උදාරත්වය පිළිබිඹු කරමින් ජේසු තුමන් සිය ශ්‍රාවකයන්ගේ පා දෝවනය කරමින් බ්‍රහස්පතින්දා සවස පිදෙනා දිව්‍ය පූජාවේදී සුවිශේෂ චාරිත්‍රයක් ද ඉටු කෙරෙයි. එය නම් පූජා ප්‍රසාදීන් වහන්සේලා තෝරාගත් ගිහියන් දොළොස් දෙනෙකුගේ පා දෝවනය කිරීමයි.  මහ සිකුරාදා දිනය ගොඩ මස් වැලඳීමෙන් ද ස්නානයෙන් ද වළකින කිතුනු බැතිමතුන් එක්වරු ශීලය රැකීමෙන් ද ආගමික වතාවත්වල යෙදීමෛන් ද ජේම්සුස් වහන්සේස්ට ගෞරව දක්වති. මෙදින සවස මහ සිකුරාදා දේව මෙහෙයන් පැවැත්වෙන අතර දිවයින පුරා ඇති කල්වාරි මධ්‍යස්ථානවල පාද නමස්කාර වැඩ සටහන් පැවැත්වේ.