
මහ සිකුරාදා දිනයට පසු එළඹෙන ඉරිදා දිනයේ පාස්කු උත්සවය මගින් සමරනු ලබන්නේ කුරුසිය මත දිවි පිදූ ජේසු තුමන් මළවුන්ගෙන් නැගී සිටීමයි. කිතුණුවන්ගේ උතුම් හා වැදගත්ම මංගල්‍යය හැටියට පාස්කුව සැලකේ. එතුමන් මළවුන්ගෙන් නැගී සිටීම නිමිති කොට අද පාස්කු උත්සවය සැමරුන ද උන්වහන්සේට පෙර කාලයේ පවා පාස්කු උත්සවය පවත්වා ඇති බව තහවුරු වේ.
ජේසුතුමන්ට පෙර යුගයේ පැවති පාස්කු උත්සවය
ඊජීප්තුවේ පාරාවෝ රජ සමයේ යුදෙව්වන් පාරාවෝ රජවරුන්ගේ වහලුන් ලෙස ජීවත් වූහ. වහල් සේවයේ යෙදෙමින් අන්ත දුක් ගැහැට විඳින්නට ඔවුනට සිදු විය. ඔවුනගේ ජීවිතවල කිසිදු වටිනාකමක් නොවීය. එවන් ශෝචනීය යුගයක දෙවියන් වහන්සේ ඔවුන් ඊජිප්තු දේශයෙන් එතෙර කරවීමට එවූ මාර්ගෝපදේශකයා වූයේ මෝසස් තුමා ය. මෝසස් තුමා ගෙන ආ දේව පණිවිඩය අනුව ඔවුහු පොරොන්දු දේශය බලා යාමට ජීවත් වූයේ අවුරුදු 40ක් ගිනි ගෙන දැවෙන වැල්ලෙන් පිරි ගිය මහා කාන්තාරය මැදින් ගමන් කරන්නට සිදු විය. (මෙම සිදුවීම සිදු වී යැයි සලකනු ලබන්නේ ක්‍රි.පූ.1300 දී පමණ ය) දෙවියන් වහන්සේ ඔවුන්ගේ ආහාරය සඳහා මන්නා බොජුන් පහළ කරවීය. මෝසස් තුමාගේ සැරයටියෙන් තට්ටු කළ විට වැලි පර්වත තුළින් ජලය ගලා එන්නට සැලැස්විය. පොරොන්දු දේශය සොයා යන මේ ගමනේ සුවිශේෂම සිද්ධිය වන්නේ දෙවියන් වහන්සේ මෝසස්තුමාට 'දස පනත දානය කිරීමයි. ඒ අනුව දෙවියන් වහන්සේ විසින් තෝරා ජනතාව සමග කිසියම් ගිවිසුමකට එළඹිණි. ඒ අනුව ඊශ්‍රායෙල් ජනතාව දෙවියන් වහන්සේ විසින් තෝරා ගත් ජනතාවක් බවට පත් විය. පාරාවෝ රජුගේ හමුදාව ඊශ්‍රායෙල් ජනතාව ලුහු බැඳ, ආ නමුත් දෙවියන් වහන්සේ රතු මුහුද දෙබෑ කර ඔවුන්ට පොරොන්දු දේශයට එතෙර වීමට සලස්වන ලදී. එදා ඊශ්‍රායෙල් ජනතාව දෙවියන්ගේ පණිවිඩය ගෙන ආ මෝසස් තුමා විසින් ගලවා ගැනීම සමරන දිනය පාස්කු උත්සවය (Passover or Pesach) ලෙස හැඳින්වින. එදා පැවති පාස්කු දිනයත් ජේසු තුමන් කුරුසිය මත අප පවින් ගලවාලනු පිණිස දිවි පුදා ඉනික්බිත මලවුන්ගෙන් නැගී සිටි දිනයත් එක් දිනයක් බවට පත් වී අද පාස්කු මංගල්‍යය සැමරීම පිළිගත හැකි ය. (මෙම උත්සවය ජේසුස් වහන්සේ උපදින්නට පෙර පැවතීම පිළිබඳව පුරාවෘත්තයන් කිහිපයක් ම පවතී) ක්‍රි.ව 325 දී රැස් වූ ක්‍රිස්තියානු සභා මණ්ඩලය පාස්කු උත්සවය වඩා වැදගත් මංගල්ලයක් ලෙස පවත්වාගෙන යාමට තීරණය කළේ ය. කිතු උපත ලෙස සැලකෙන නත්තල් දිනයට පෙර දිනයක් තිබුණ ද පාස්කු (ස්කැන්ඩිනේවියානු දෙවගනක වූ ඔස්ට්‍රා දෙවගනගේ නමින් ඊස්ටර් ලෙස ට නම් වූ මෙම කාලය පාස්කු ලෙස සිංහලට බෙදී එන්නේ පෘථිගීසින් විසින් මේ කාලය හැඳින්වීම සඳහා පස්කා ලෙස හැඳින්වීම පාස්කු ලෙස වෙනස්වීමෙනි. ආදියේදී මේ සමය සශ්‍රීකත්වයේ සමය හෙවත් සශ්‍රීකත්වයේ දෙවගන වූ ඔස්ට්‍රා වෙනුවෙන් උත්සව පැවැත් වූ සමයයි) මංගල්‍යය උදෙසා ස්ථීර දිනයක්
නොතබන්නට ඔවුන් තීරණය කළේ ය.
පාස්කු මංගල්‍යයේ විශේෂත්වය
කිතුණු බැතිමතුනට නව බලාපොරොත්තුවක් සහ නව පිබිදීමක ගෙන එන දිනය ලෙස පාස්කු මංගල්‍යය සැලකේ. ඊට හේතුවී ඇත්තේ ඊශ්‍රායෙල්වරුන් වහල් බවින් මිදී නව පොරොන්දු දේශයකට යාමත් දෙවියන් වහන්සේ පුත්‍රයා වූ ජේසු ස්වාමී දරුවාණන් මළවුන් අතරින් නැගීසිටීමත් වීම ය. උන්වහන්සේ මළවුන්ගෙන් නැගී නොසිටියේ නම් එතුමන් ඇදහු ජනතාව අතරමං වන්නට ඉඩ තිබුණු බවත් එතුමගේ නැගීසිටීම කිතුණුවගේ ජයග්‍රහණයක් බවත් ඔවුන්ගේ ඇදහීමයි.
ශ්‍රී ලංකාවේ පාස්කු ඉතිහාසය
පාස්කු උළෙලේදී ඉටු කෙරෙන දේව මෙහෙයන් සහ වතාවත් සේම පාස්කු දර්ශන ඉදිරිපත් කිරිම ද පාස්කු උත්සවයට අනන්‍ය වූ එක්තරා භක්ති පූජාවකි. ජේසු ස්වාමි දරුවාණන්ගේ දුක්ක ප්‍රාප්තිය නාට්‍යනුසාරයෙන් රඟ දක්වමින් පාස්කු උත්සවය පැවැත්වීම කිතුණු බැතිමතුන්ගේ චාරිත්‍රයකි. ලංකාවේ පාස්කු උත්සව සමයේ වාස්තු දර්ශන රග දැක්වීම ආරම්භ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ කතෝලික සාහිත්‍යයේ පියා ලෙස සැලකෙන “ජැකෝම් ගොන්සාලේස් පියනමනගේ අරමුණකට අනුව බව සඳහන්වේ . (Fr Jacome Gonsalves (16761742) මෙම රගදැක්වීම 1742 වසරේ දී බෝලවලානේ දී ඉදිරිපත් කොට ඇති බව සඳහන්වේ. පියතුමන්ලා කිහිප දෙනෙකු විසින් රචනා කරන ලද පාස්කු ගීතිකා එහිදී ගායනා කර තිබේ. ජේසු ස්වාමී දරුවාණන්ගේ, දේව මෑණියගේ චරිත සඳහා මෙහිදී පිළිම භාවිතා කළ බව සඳහන්ව ඇත. ඒ අනුව වසර 272කට පෙර සිට ලංකාවේ පාස්කු උත්සව හා දේව මෙහෙයන් පවත්වා ඇති බව පෙන්නේ.
Comments
Post a Comment