
ඉස්ලාම් ආගමට අනුව ඉස්ලාම් භක්තිකයන්ගේ නිජබිම වන්නේ අරාබියයි. 'මොහම්මද් නබි’ නම් ඔවුන්ගේ ශාස්තෘවරයාගේ නිජ බිම වන "මක්කම’ ඔවුන්ගේ ශුද්ධ නගරය ලෙස සැලකෙයි. මක්කම හෙවත් මදිනා නුවර වසරකට වරක් හජ් උත්සවය පැවැත්වේ. ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මිලියන ගණනක් මක්කම වන්දනාවේ ගොස් හජ් උත්සවය පවත්වයි. චන්ද්‍ර මාස ක්‍රමය ද භාවිතා කරන ඉස්ලාම්වරුන්ගේ මෙම සුවිශේෂ උත්සවය පැවැත්වෙන්නේ වර්ෂයේ දෙවන මාසයේ දහවන දිනයේ දී ය.මුස්ලිම් ක්‍රමයට අනුව වසරේ දෙවන මාසය 'දුල් හජ්' නමින් හැඳින්වේ. චන්ද්‍ර මාස ක්‍රමයේ දී මාසයකට දින 29 ක් ඇතුළත් වන බැවින් මෙම දිනය ඉංග්‍රීසි මාස ක්‍රමයේ දී වසරින් වසර දින 10 බැගින් වෙනස් වෙයි. සිය ශාස්තෘවරයාණන් වන මොහමද් නබිතුමාගේ නිජ බිම හෙවත් මක්කම කරා ගොස් මේ හජ් උත්සවයට සහභාගී වීම සෑම ඉස්ලාම් භක්තිකයකුගේ ම සුවිශේෂ බලාපොරොත්තුවකි. මක්කම මොහම්මද් නබිතුමාගේ ජන්ම භූමිය පමණක් නොවේ. එතුමා මහත් වූ පරිත්‍යාගයෙන් කළ භූමියයි. එතුමාගේ දැඩි උත්සාහයෙන් සර්ව බලධාරී අල්ලාහ් දෙවියන් වහන්සේ වෙනුවෙන් දේව මන්දිරයක් ඉදි කළ භූමියයි. මෙම ශුද්ධ භූමිය වන්දනා කොට මොහම්මද් නබිතුමාණන්ගේ පරිත්‍යාගයන් ස්මරණය කරමින් අල්ලා දෙවිඳුන් යැදීම සෑම ඉස්ලාම් බැතිමතෙකුටම හිමි වන මහා භාග්‍යයක් බව ඔවුන්ගේ ඇදහීමයි.
මොහම්මද් නබිතුමා
ක්‍රිස්තු වර්ෂ 571 සිට ක්‍රිස්තු වර්ෂ 632 දක්වා නබි තුමා ජීවත් වූ කාලය හැටියට සැලකේ. කුඩා කාලයේ දී ම දෙමාපියන් අහිමි වූ නබිතුමාව හදාවඩා ගනු ලැබුවේ ඔහුගේ මාමා වූ අබු තලිබ් විසිනි. ඔහු මුලික වෙළෙන්දෙකු ලෙස කටයුතු කළේ ය. ඒ අතරම ඔහු කඳුකරයේ හිරා නම් ගුහාවට ගොස් නිතර නිතර යාඥා කරනු ලැබුවේ ය. වයස හතලිහේදී පමණ ඔහුට දෙවියන්ගේ ආශිර්වාදය ලැබී ඇත. ඔහු දෙවියන්ගේ දූතයා බවට පත්විය. ඔහු ඉස්ලාමයේ ශාස්තෘවරයා බවට පත්විය. ඔහු අදහන්නන් පිරිස ක්‍රමයෙන් වැඩිවෙත්ම ඔහුට එරෙහිව මක්කම අවට සිටි වෙනත් ගෝත්‍ර එරෙහි වන්නට විය. ඔහු තම අනුගාමිකයින් ද රැගෙන යාත්‍රිබ් (මදීනා) ප්‍රදේශයට ගොස් එහි තම ආගම දේශනා කරමින් කාලය ගත කළා. වසර අටකට පසු ඔහු තම අනුගාමිකයින් 10,000ක් සමග නැවත මක්කමට පැමිණ අතර වැඩි විරෝධතාවයකින් තොරව, නිතරගයෙන් ම ඔහුට මක්කම යටත් කරගැනීමට හැකි විය. එතුමාගේ භාර්යාව 'හජ්රා' නම් විය. හජ්රාවන්ට දරුවන් නොසිටි නිසා ඔවුන් දෙදෙනා සිටියේ මහත් දුකිනි. තමන්ට දරුවකු ලබා දෙන ලෙස ඔවුහු සර්ව බලධාරී දෙවියන්ට යාඥා කළෝ ය. කලක් ඇවෑමෙන් ඔවුනට පුතකු ලැබිණි. ඔහු ''ඉස්මායිල්" නම් විය. දරුවන් රැගෙන හජ්රා සමග මක්කමට යන ලෙස ඊබ්‍රාහිම් නබිවරයාට අල්ලාහ් දෙවියන්ගෙන් අණ ලැබුණි. අල්ලාහ් කෙරේ මහත් භක්තිමත් වූ නබිවරයා දරුවාත් බිරියත් රැගෙන මක්කම බලා ගියේ ය.ඉන්පසු අල්ලාහ්ගේ අණ වූයේ රට ඉඳි සහ ජලය ස්වල්පයක් පමණක් හරා සහ ඉස්මායිල් ළග තබා එතනින් පිටව යන ලෙසයි.නබිවරයා එය ද පිළිපැදදේ ය. දරුවා සහ මව වැල්ලෙන් වැසුණු කඳු ගැට අතර තනි විය. රටඉඳි සහ ජලය අවසන් වූ පසු දරුවා ද මව ද ආහාර නොමැතිව තැවෙන්නට වූහ. දිය නොමැතිව පිපාසිත වූහ. එතුමිය දරුවා වෙනුවෙන් ජලය සොයමින් 'සෆා' සහ 'මර්වා’ නැමැති කඳු ගැට අතර දිව්වා ය. සත් වරක් මේ කඳු ගැටවලට නගිමින් බසිමින් ජලය සොයා ගැනීමට අසීමිත වෙහෙසක් දැරුවා ය. සත් වන වර ඇය දරුවා ළඟට දිව එන විට දරුවාගේ පා මුලින් දිය උල්පතක් මතු වී තිබුණි. ඇය සතුටින් පිනා ගියා ය. ඇල්ලාහ් දෙවියන්ට ස්තූති කළා ය. දිය උල්පත දුටු ජුර්හම් ග්‍රෝතිකයෝ එහි පැමිණ පදිංචිව ජනාවාස තනා ගත්හ.හජ්රාතුමිය හා දරුවා ග්‍රෝතිකයන්ගේ රැකවරණය මැද ජීවත් වූහ. ස්ඉමායිල් මඳක් වැඩි දුවන පනින වයසට පත් වන විට ඉබ්‍රාහිමා සිටින්නේ ඔහුගේ දෙවන බිරිඳ සමඟිනි. එවිට ඔහුට 'ඉස්භාක්' නම් තවත් දරුවකු ඉපදී තිබිණි. සර්ව බලධාරී අල්ලාහ් විසින් ඉස්මයිල් බිළි දෙන ලෙස නබිවරයාට අණ කර තිබුණ බැවින් නබිතුමා යලි ඉස්මයිල් සහ හජ්රාතුමිය සොයා පැමිණියේ ය. තමාගේ පුත්‍රයා බිලි දීමට සිදුවන බැවින් නබිවරයාට මහත් වේදනාවක් දැනුණි. අල්ලා වෙනුවෙන් ඇති භක්තිය නිසා ම එතුමා එය කළ යුතු යැයි සිතුවේ ය. අනතුරුව බිලි පූජාව සඳහා හජ්රාතුමිය සහ නබි තුමා ඉස්මයිල් කැටුව මදිනාවට ගියහ. ඔවුන්ගේ ගමනට බාධා කිරීම සඳහා සාතන් තෙවරක් ම ඔවුන් ඉදිරියට පැමිණියේ ය. ගල් හත බැගින් ගසා ඊබ්‍රාහිම් නබිතුමා සාතන් පරාජය කොට මදිනාවට සැපත් වී බිලි පූජාවට සූදානම් විය. නබිතුමා පළමු වරට පිහියකින් දරුවාගේ බෙල්ලට ගැසූ නමුත් ඒ පහර නොවැදුනි. දෙවන වර පිහිය ඔසවා පහර දෙන්නට සූදානම් වන විට එය නතර කරන ලෙස අල්ලාහ් දෙවිඳු නබිතුමාට අණ කලේය. නබිතුමා හිස ඔසවා බලද්දී එහි වූයේ ඉස්මයිල් නොව බැටළුවෙකි. බැටළුවා බිලි දෙන ලෙස අල්ලාහ් කළ අණින් පසු නබිතුමා බැටළුවාගේ හිස කපා බිලි දුන් බව හජ් පුරාණයේ සඳහන් වේ. තම දරුවා බිලි දීමට තරම් අල්ලාට භක්තිමත් වූ නබිතුමාගේ පරිත්‍යාගය සුළුපටු නොවේ. එය අනුස්මරණය කොට අදත් මදිනාවේ දී අල්ලාහ් ට බැටළුවන් බිලි දීම සිදු කරනු ලබයි. අල්ලාහ් ඇදහීමත් ඒ පිළිබඳව දේශනා කිරීමත් නිසා රජතුමා ඊබ්‍රාහිම් නබිතුමා සමග කෝපයෙන් සිටියේ ය.
" අනතුරුව නඩුවක් නො විසඳාම නබිතුමා පුළුස්සා මරා දමන ලෙස රජු අණ කළ බව කියැවේ. රාජ පුරුෂයන් බුර බුරා ඇවිල්ලෙන ගිනි මැලයක නබි තුමා දැමුව ද නබිතුමා අල්ලාහ් වෙනුවෙන් දැක් වු භක්තිය නිසා ගිනි මැලය නිවී ගියේ ය. නබිතුමාට කිසිදු අනතුරක් සිදු නො වී ය. මේ ආකාරයෙන් අල්ලාහ්ගේ ධර්මය ජනතාව වෙත ගෙන ආ දේව දූතයා ලෙස තමන් සතු වස්තුව, මිල මුදල්, දරුවා, භාර්යාව පමණක් නොව තම ජීවිතය පවා පරිත්‍යාග කළේ සැබෑ ශාස්තෘවරයකු පරිද්දෙනි. ඊබ්‍රාහිම් නබිතුමාගේ ධාර්මික බවත් සත්‍යවාදී බවත්, ධෛර්යයත් අල්ලාහ් කෙරේ වූ භක්තිය සහ කැපවීමත් ගෞරවයෙන් සිහිපත් කරමින් අදත් ඉස්ලාම් බැතිමත්තු මක්කම වන්දනා කරති. නබි තුමා ජනතාව වෙත දායා ද කළ අල්ලාහ්ගේ දේව පණිවිඩය එහිදී කියවති. අල්ලාහ් වෙනුවෙන් යදිති.
හජ් ගමනට පෙර කොන්දේසි
හජ් වන්දනාවේ යන සෑම බැතිමතෙකු ම අනිවාර්යයෙන් ම වැඩිවියට පත්ව සිටින මුස්ලිම්වරයෙකු විය යුතු ය. නිරවුල් බුද්ධියක් හා මනසක් තිබිය යුතු ය. අනෙකෙකුගේ වහලෙක් නොවි ස්වාධීන පුද්ගලයෙකු විය යුතුය. තමාගෙන් යැපෙන්නන් සුරක්ෂිත කොට ගමන සඳහා යොදවා ගැනීමට හැකි ආර්ථික ශක්තියක් තිබිය යුතුය. මේ කරුණ සම්පූර්ණ නොකර කිසිම මුස්ලිම්වරයෙකු හජ් වන්දනාවේ යාම ඉස්ලාම් නීතිය අනුමත නොකරයි.
විශ්වාසය
එසේම හජ් වන්දනාවේ යන මුස්ලිම්වරයෙකු තුළ තිබිය යුතු විශ්වාසයන් පිළිබඳව ශුද්ධ වූ අල් කුරානයේ සඳහන් කර ඇත. අල්ලා පිළිබඳ විශ්වාසය තැබීම, අල්ලාහ්ගේ ආගම පිළිබඳව විශ්වාසය තැබීම, අල්ලාහ්ගේ නබිවරුන් හෙවත් රාසුල්වරු පිළිබඳ විශ්වාසය තැබීම, අල්ලාහ්ගේ දූතයන් හෙවත් මලා ඉන්කාවරු පිළිබඳ විශ්වාසය තැබීම, පුද්ගලයකු කියාමත් දවසේ මරණයෙන් නැගිටින බව විශ්වාස කිරීම, හොඳ හෝ නරක අල්ලාහ් ගේ නියමය පරිදි සිදුවන බව විශ්වාස කිරිම යන විශ්වාසයන් මුස්ලිම්වරයකු තුළ තිබිය යුතු වේ.
හජ් වන්දනාව සිදුකිරීම
'ඊද් උල් අද්හා’ (Eid-al-Adha) නමින් හැඳින්වෙන හජ් උත්සවය සඳහා සහභාගී වන බැතිමතුන් දුප්පත් පෝසත් බේදයකින් තොරව සමානව සැලකෙන අතර චාරිත්‍ර වාරිත්‍ර එකම ආකාරයට ඉටු කළ යුතු වේ. එසේම සෑම බැතිමතෙකුම 'ඉහ්රාම්' නම් සුදු වස්ත්‍රයෙන් සැරසීමට අමතක නොකරති. ජීවිතයේ තමන් විසින් කළ යුතු යුතුකම් සියල්ල ඉටු කොට දේපොල, වස්තුව දූ දරුවන් අතර බෙදා දී මෙම වන්දනාව සඳහා පිටත් වන්නට ඉස්ලාම් බැතිමතුන් පෙළඹේ. ඒ හජ් වන්දනාවට යාම තීරණාත්මක ගමනක් වන නිසා ය. වසරක් පාසා මක්කම කරා හජ් වන්දනාවේ එන බැතිමතුන් අතරින් සුළු පිරිසක් හෝ මරණයට පත් වන්නේ කෝටි සංඛ්‍යාත පිරිසක් මක්කමට එක් රොක් වන බැවිනි. කෙසේ වුවද හජ් වන්දනාවේ පැමිණ සිය ජීවිතය පරිත්‍යාග කිරීමට ඉස්ලාම් බැතිමතකුට සිදු වූයේ නම් එය ද භාග්‍යයක් කොට සැලකීමට තරම් ඔවුන් නබි තුමා කෙරෙහි සහ සර්ව බලධාරී අල්ලාහ් දෙවියන් කෙරෙහිත් භක්තිමත් ය.
Comments
Post a Comment