අරියාදු - හිරිහැර
ලහිය -ඉක්මන
සුනංගු -ප්‍රමාදය
පැහැවනවා - කැක්කුම
පාච්චල් කරනවා -අඩුවට ඉල්ලා හිටිනවා
කුඩුවෙනවා - විවාහ වෙනවා
බාං හාදකම් -ආලවන්තකම
හාදවෙනවා -මිතුරුකම
නමෝවිත්තියෙන් - ස්ථිර වශයෙන්
ගාය - දැගලිල්ල
ඇන්නෑව-අතරවාරය
ඇබැද්දිය - කලබලය
පැංචා - කුඩා පිරිමි දරුවා
පැංචි- කුඩා ගැහැනු දරුවා
හත්තිය - ශක්තිය
අයිරුව -මග පෙන්වීම / සෝදිසිය
පන්තියං වෙනවා -පදම් වෙනවා
සෝලිය - රංඩුව
පංගාර්තු - පැවරීම
පිඩිගැටය - තට්ට
ලෝනවා -ලෙවකනවා
හඳුන්පෙත්ත -හෘදය / හදවත
අසෝබං - පහත් / නීච
පජාති- පහත්/ නොගැළපෙන
දත ගහනවා - යමකට අත තියනවා
නියපිටින් - කුඩා හෝ පරදීමක්
කට ගෝස්තරේ -කටින් පුරසාරම් දෙඩීම
මුරුගසං වරුසාව - තදබල වැස්ස
නිලි වැස්ස - හීනියට වහින මද වැස්ස
මිණි මිණි පොද - කුඩා පොද / කුඩු පොද
සහලෝල - තදින්
කන්නලව් - තදබල ලෙස
ගිඩි ගිඩි ගාලා - වේගයෙන් / කඩිසර ලෙස
හොර නැතුව - බොරු නොකර
එකල මෙකල - කල් බැලීම
නොරොක් වෙනවා - අමනාප වෙනවා
සුට්ටක් - කුඩා ප්‍රමාණයක්
සුට්ටා - කුඩා දරුවා
එපිටහ- තරමක් ඈත
මෙතෙන්දි - මෙම ස්ථානයේ දී -
මෙහට්ට - මේ ස්ථානයට
සුදිය - අනවශ්‍ය ලෙස විය පැහැදම් කිරිම /බොරු සෝබන වැඩ කිරීම
ඇස් නටවනවා - ඇසින් සංඥා කරනවා
පැලපදියම් - තහවුරු වූ
පැලපදියං වෙනවා - පදිංචි වෙනවා/යමක් ස්ථිර වෙනවා
Comments
Post a Comment