gossiplanka image 1
 


ඉරසේවය කරන වෙලාව - ඉර නැගෙන යාමය /හිරුපායා ඒම

මද්දහන - ඉර මුදුන් වෙලාව

ගිනි කූටකය -- තද අව්ව

අන්ධබීරි කළුවර - රාත්‍රි කාලය

කඩප්පුලියා - යහපත පැවැත්මක් නැතිකම / හෝ එබදු තැනැත්තා

පුරවැඩුම  - මුල් බිජුවට ඉසීම

බිත්තර වී - පැළකරන ලද වී ඇට

විසකුඩිච්චිය - නපුරු ගති ඇති ස්ත්‍රිය

පැලපදියම් වීම - ස්ථිර ලෙස පදිංචි වීම / තහවුරු වීම

බැස්ටිය - විදුලි පන්දම / ටෝච් එක

කුම්මැහිකම - ලෝභකම

හාච්චිය - හාදුව

හිච්චි කොටේ- ළඳරුවන්ට අමතන ආදරණීය යෙදුමක්

මොරෙනාගරි - දඩම්බරකම / ඇට්ටරකම

කෙංචි වෙලා කෙසගවෙලා / කෙට්ටුවෙලා

ඉලව්ගෙදර - මළගෙදර

චාලිත්තර  - සිරිත්/ චාරි

සීදේවිකම -සිරියාවන්තකම

මුස්පේන්තුව -අවාසනාව / මූසලකම

රූටනවා-  ලිස්සනවා

පයිරුපාසානය - හිතේවෂිවන්තකම / තදබල ළෙන්ගතුකම

හද්දික්කරාව - විශාල ප්‍රදේශයක් / ස්ථිර ලෙස නොදන්නා තැනක්

 දෙයියෝසාලේ- විස්මය දැනවීම

මඩරං / මඩරංදීම-ඉඩම්හිමියාට අඳකරුවා ගෙවිය යුතු කොටස

අරුමැක්ක - තරවාරය

කොටහලුවීම  - මල්වරවීම

තාන්තුවාව -මංගල්ලය / සුබ කට

වනුමැරීම - බත නිසි ලෙස නොඉදීම / ඇට්ටකුණාවීම

ලුණු පාහිය- ලුණු වැඩිබව

 උඳුවළලු - උදු මගින් තනන රවුම් හැඩැති පැණි රසකැවිල්ලක්. මෙය පැණි වළලුවලට සමානයි.

වතුර බොනවා - ළිඳෙන් වතුර උඩට ගැනීම

මුලිච්චිවීම - හමුවීම

අමාරුව- මහන්සිය.

හොඳයියක් නෑ- අමනාපයි

පල්ලන්තරය -කඳු අතර පිහිටි සරුබිම්කඩ

බවබෝග - වගා කළ ගොඩ බෝග

වනපළා -  ස්වාභාවික ලෙස වනපෙතේ හැදෙන පලාවර්ග

ගඩාගෙඩි- ආහාරයට ගත හැකි ස්වභාවිකව හැදෙන පලතුරු වර්ග

සෝමාරියා - කම්මැලියා

කැහිලැහිකම -කෑදරකම  

මේ සම්මජ්ජාති - මොනම අයුරකින් හෝ

දහදුරා-  කල්ක්‍රියාව අයහපත්