gossiplanka image 1
 


මැලේසියානු ගුවන් යානයක් මගීන් 239 දෙනකු සමග අතුරුදහන්වීම පිළිබඳව (2015 දී) පසුගිය දා ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති විය. ගුවන් යානය සෙවීමට රටවල් රැ සක් එක්වී දැඩි පරිශ්‍රමයක් ගන්නා බැව් ද දක්නට ලැබිණි. ගුවන් යානා අතුරුදන්වීම සහ අනතුරුවලට පත්වීම පිළිබඳව ඉතිහාස වාරතා අනුව ගුවන් යානාවක් මුල්කරට අතුරුදන් වී ඇත්තේ 1856 වසරේදීය. Air Baloon නම් වූ එම ගුවන් යානය අතුරුදන් වී ඇ ත්තේ ග්ලොරිඩා සහ හවානා අතරදීය. ඉන් අනතුරුව ඊට වසර විසි තුනකට පසු එනම් 1879 වසරේදී තවත් කුඩා ගුවන් යානයක් අතුරුදන් වී ඇත්තේ ඉතාලියේ වැනිසියේ සිට මිලාන් බලා යන අතරතුරදීය. එහි ගමන්ගත් මගීන් සංඛ්‍යාව 17 දෙනෙකි. එතැන් සිට අතීත වාර්තා අනුව වසරකට හෝ දෙකකට වරක් ගුවන් යානා අනතුරු සිදුවී තිබේ. ඒ අනුව ගුවන් යානා අනතුරු මේ වන විට ඇති විශාල සංඛ්‍යාවක් සිදුවී ඇති බැව් දක්නට ලැබේ. මෙසේ අනතුරුවලට ලක්වූ ගුවන් යානා අතර මගීන් ගුවන් යානා, හමුදා අනතුරු අනතුරු අතර දක්නට ඇත. ශ්‍රී ලංකාවේ සිදුවූ දරුණුතම ගුවන් යානා අනතුරු සිදුවූයේ 1974 දෙසැම්බර් මාසයේදීය. ඉන්දුනීසියාවේ සිට පැමිණි හජ් වන්දනාකරුවන් වැඩි පිරිසක් රැගෙන පැමිණි එම යානය කටුනායක ගුවන්තොටුපළ ආසන්නයේදී අනතුරට පත්විය. එහිදී ජීවිත අහිමි වූ මගීන් ගණන 182ක් වන අතර ගුවන්යානා කාර්ය මණ්ඩලයේ සිටි නව දෙනෙක් ද ජීවිතක්ෂයට පත්වූහ. ගුවන් යානා අනතුරු පිළිබඳව මනෝ විද්‍යා පර්යේෂණවලට ඇතුළත් වූ සිදුවීම් කිහිපයක්ම තිබේ. මේ අතරින් ගුවන්යානා අනතුරකින් සිය සැමියා බේරා ගැනීමට හැකි වූ මනෝ සංඥාවක් (Telepathic Impressions) නම් මහාචාර්ය ඉයන් ස්ටීවන්සන්ගේ පර්යේෂණ වාර්තාවකට ඇතුළත් කර තිබේ. එම සිදුවීමට සම්බන්ධ ගුවන් යානා අනතුරට සම්බන්ධ යානය අනතුරට පත්වන විට වොෂින්ටන් ජාතික ගුවන් තොටුපළට ආසන්නව තිබිණි. 


ජීවිත පනස්පහක් අහිමි කළ එම ගුවන් යානා අනතුර පිළිබඳව ඉතිහාසගත වාර්තාවක සඳහන් වන්නේ (Approach to Washington National Airport all 55 People on Board the DC - 4 Died) යනුවෙනි.එම ගුවන් යානයේ ගමන් කිරීමට නියමිතව සිටි ව්‍යාපාරිකයෙකුගේ බිරියට හදිසියේ මනසට දැනුණු සිතිවිල්ලක් නිසා ඔහු බේරා ගැනීමට බිරියට හැකි විය. එයට සම්බන්ධ සැමියා සහ බිරිය ඒ වන විට පදිංචිව සිටියේ පිලඩෙල්පියා හිය. ව්‍යාපාරික කටයුතුවල යෙදී සිටි ඔහු ගමන්වලදී ඇතැම්විට විදේශවල යෑම ද සිරිත වී තිබිණි. වරක් ඔහුට යෑමට තිබුණේ ඔවුන් පදිංචිව සිටි පිලඩෙල්පියා සිට වොෂින්ටන් දක්වා ය.එහි යෑමට ඔහු ගුවන් යානයක් යොදා ගැනීමට තීරණය කර තිබිණි. පිලඩෙල්පියා සිට බොස්ටන් දක්වා ගමන් කළේ දුම්රිය මගිනි. සිය ගමන් සහ ව්‍යාපාර කටයුතු පිළිබඳ බිරිය දැනුම්වත් කිරිම ද බෙන්ගේ සාමාන්‍ය සිරිතය. තමා සහ ගමන් මාර්ගය පිළිබඳව බිරිඳට හෙළි කළ බෙක් එදින උදේ සිය කටයුතු සඳහා නිවසින් පිටත්විය. බොස්ටන් බලා යෑමට ඔහු දුම්රිය යොදා ගැනීම නිසා දුම්රියට නැගීමට ඔහු නිවසින් පිටත්ව ගිය සැමියා නිවසින් පිටත්ව ගොස් ගත වූයේ තත්පර කිහිපයකි. බිරියගේ සිතට මහත් කම්පාවක් දැනෙන්නට විය. ඒ සමගම ඇගේ සිතට දැනුණේ මින් පසු තම සැමියා නැවත දැකීමට නොලැබෙන බැව්ය. තම සිතිවිල්ල නිසා ඇය දැඩි අසහනයට පත්වී සිටියාය. ස්වල්ප වේලාවක් ගතවිය. ඇගේ මිතුරියක් නිවසට පැමිණියාය. ඒ බැව් ඇය සිය මිතුරියට ද කීවාය. බිරියගේ සිතට දැනෙන්නට වූයේ සැමියා බලාපොරොත්තු වූ ගුවන් ගමන නොයා යුතු බවය. විශේෂයෙන් ඔහු ගමන් කිරීමට නියමිත ගුවන් යානයේ ඔහු ගමන් නොකළ යුතු බව ඇගේ සිතට තදින්ම දැනෙන්නට විය. එහෙත් ඒ තුළ තම ජීවිතය පිළිබඳව පණිවුඩයක් ඇතුළත්ව ඇතැයි ඔහු නොසිතුවේය. බිරියට තිබූ ආදරය නිසාම ඔහු තම ගුවන් ගමන අවලංගු කර ඒ වන විට නියමිතව තිබූ රාජකාරී ඉටු කර ගත්තේත්ය. බිරියගේ ඉල්ලීම පරිදි ගමන අතරමග නතර කළ බෙක් දෙදිනකට පසු ආපසු නිවසට ඒම සඳහා වෙන් කරවා ගෙන තිබූ ගුවන් ප්‍රවේශ පත්‍රය අන්තිම මොහොතේ අවලංගු කරගත්තේත්ය. ඔහු ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානය අනතුරට පත්වූයේ වොෂින්ටන් ගුවන්තොටුපළට ආසන්නයේදීය. එයට හේතුවී ඇත්තේ පුහුණු ගුවන් නැවියකු ඔහුගේ ගුවන් යානය වොෂින්ටන් ගුවන් තොටුපළෙන් පිටත්වීමට දුන් සංඥා නිසියාකාරව නොපිළිපැදීම නිසාය. පුහුණු ගුවන් යානය හා බෙක් මෙන් ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානය ගැටීම නිසා එම අනතුරු සිදුවී තිබිණ. ඊස්ටන් එයාර් ලයින් නම් වූ ගුවන් ගමන්වලට අයත්ව තිබූ එහි ඒ වන විට ගුවන් මගීන් පනස්පස් දෙනකු සිටියහ. ඒ සියලු දෙනාම මණයට පත්වූහ. මෙම ගුවන් අනතුර පිළිබඳව නිව්යෝක් ටයිම්ස් පත්‍රය සහ ලයිෆ් සගරාව ද ඇතුළුව තිබූ සියලුම මාධ්‍ය අංශ මගින් පුළුල් ප්‍රචාරයක් ද ලබාදී තිබිණි. විශේෂයෙන් ලයිෆ් සගරාව මරුමුවට පත් වූ මගීන්ගේ පවුල තොරතුරු ද ඡායාරූප සහිතව පළකළේය. මෙම අත්දැකීම් පිළිබඳව සිදු කළ පර්යේෂණයේදී බෙක්ගේ බිරිය අනාවරණය කළේ එදා තම සැමියා නිවසින් පිටවන විටම ඇගේ සිතට දැනුණ අතිශය පුදුම උපදවන සිතිවිල්ල නිසා සැමියාගේ ජීවිතය බේරුණු බවය. බෙක් සහ බිරියගේ ප්‍රකාශ අනුව බෙක් එවර නිවසින් පිටත්ව ගොස් ඇත්තේ දින ගණනාවක ව්‍යාපාරික සංචාරයක් සඳහාය. ඔහු නිවසින් පිටව යෑමෙන් පසු බිරිය අමතා ඇත්තේ 1949 ඔක්තෝබර් 31 වැනිදාය. තමා ටිකට්පත් අවලංගු කර ගත් බවත් ඒ නිසා නියමිත ගුවන් යානයේ නොයන බවත් සැමියා සිය බිරියට අනාවරණය කළේය. ඒ අනුව පසු දින උදේ ඔහු ආපසු නිවසට පැමිණියේ බොස්ටන් සිට පිලඩෙල්පියා දක්වා දුම්රිය මගිනි.බෙක් ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානය අනතුරට පත්වී එහි සිටි සියලු මගීන් මරණයට පත් වූහ. එම ගුවන් යානයෙ වොෂින්ටන් ගුවන්තොටුපළෙන් පිටත්වූයේ 1949 නොවැම්බර් 01 වැනිදාය. ඊස්ටන් එයාර් ලයින් ගුවන් ගමන් වාරයක් වූ එය හඳුන්වනු ලැබ ඇත්තේ (The Eastern Air Lines Plane, ADC - 4 was Flying from Boston with a stop in Newyork to Washington) යනුවෙනි. ගුවන් යානා අනතුරක් පිළිබඳව සිදු කළ මනෝ විද්‍යා පර්යේෂණයක් ලෙස මෙම සිදුවීම පර්යේෂණ වාර්තාවලට ඇතුළත් කර තිබේ.