ධන යෝග සහ ඥාණ යෝග යන දෙකම එකම අයකුට පිහිටන්නේ කලාතුරකිනි. නමුත් තම බුද්ධිය මුල්කරගෙන වයස අවුරුදු හතලිහ වනවිට ලෝකයේ ලොකුම ධනවතා බවට පත්වීමට බිල් ගේට්ස් සමත්වීම ඔහුගේ ජන්ම පත්‍රයේ අපූර්ව ග්‍රහ පිහිටීම් මනාව පැහැදිළි කරයි. 1995 සිට 2007 දක්වා පුරා වසර 12 ක් එක දිගටම ලොව අංක එකේ ධනවතා ලෙස වාරිතාගතව සිටි බිල් ගේට්ස්න්ගේ වෘශ්චික ලග්න ජන්ම පත්‍රයේ නීච භංග රාජ යෝග දෙකක් සහ විපරිත රාජ යෝගයක්ද දැකගත හැකිය. ලනයේ නීච රාහු සිටින අතර එම රාශි අධිපති කුජ බුද්ධියට කාරකවන උච්ච බුධ සමග එකොළොස්වැන්නේ සිටීමෙන් නීච භංග රාජ යෝගයක් උදාකරදී තිබෙන අතර ප්‍රතිභාව නිපුනතාවය පෙන්වන තෙවැන්න අධිපති උච්ච ශනි නීච රවි සමග සිටීමෙන් තවත් නීච භංග යෝගයක් උදා කරදී තිබීම මොහු පාසල් සමයේ සිටම පරිගණක විෂය කෙරෙහි දැඩි ලොල් බවක් දක්වමින් එමගින් තව නිපැයුම් ලෝකයාට හඳුන්වා දීමට මනස මෙහෙය වූ බවට සාක්ෂි සපයයි. උපතින්ම ධනවත් පවුලක සාමාජිකයෙක් වූ බිල් ගේට්ස්ගේ හදහනේ දෙවැන්න වූ ධනස්ථානයේ අධිපති ගුරු දසවැන්නේ සිටින අතර එම රාශි අධිපති රවි සහ ශනි කෙරෙන් යෙදෙන නීච භංග යෝගය සහ ඊට සංයෝගව සිටින ස්වක්ෂේත්‍ර සිකුරු කෙරෙන් යෙදුන විපරිත රාජයෝගයද මොහු බුද්ධියට මෙන්ම ධනයද මුල් කරගෙන ලෝ ප්‍රකට වන බව සනාථ කරයි.
Comments
Post a Comment