බ්‍රිට්නි ස්පියර්ස් ලෝක ප්‍රකට වන්නේ බටහිර පොප් ගායිකාවක් වශයෙන් වුවත්, ඊට පරිබාහිරවද ඇය නොයෙක් ආකාරයේ ප්‍රවෘත්ති මවන්නියක් ලෙස ප්‍රකටය. අතිශය ලාබාල වියේදීම තම ගායනා තුළින් ලොව පුරා ප්‍රේක්ෂක සිත් සග කළ මැය තම රූපය, ප්‍රසිද්ධිය, ධනය ආදී කරුණු නිසා නොයෙක් අවුල් සහගත මානසික පසුබිමක් නිර්මාණය කරගත් බවද රහසක් නොවේ. 1981 දෙසැම්බර් 21 ලොස් ඇන්ජලීස් හිදී ගුරු හිමි ධනු රාශිය තම ජන්ම ලග්නය කර ගනිමින් උපන් බ්‍රිගේ ලග්නාධිපති උපතේදී සියලු ලැබීම් පෙන්වන එකොළොස් වැන්නේ සිටියේ කලාවට අධිපති සිකුරුගේ රාශියක් වන තුලාවේ වීම කලාව උපතින්ම ගෙනා බව පිළිඹිඹු කරයි. මේ අතර මහා, ධන යෝගයක් උදා කරමින් එකොළොස්වැන්නාධිපති සිකුරු සිටියේ සදු සමඟ දෙවැන්නේයි. රැකියාව පෙන්වන දසවැනෙන් දෙවැන්න වන එකොළොස්වැන්නේ ශබ්දයට අධිපති ගුරු, සිකුරුගේ රාශියක සිටීම ජීවන වෘත්තිය ගායනය කරගන්නා බවට ඉඟියක් දෙයි.
කෙසේ වුවත් බ්‍රිට්නි ලෝ ප්‍රකට වීමට දොළොස්වැන්නේ රවි සහ බුධගෙන් යෙදුන ධර්ම කර්මාධිපති යෝගය මෙන්ම නවය අධිපති රවි සහ දොළහ අධිපති කුජගේ පරිවර්ථනයද යම් බලපෑමක් කළ බව පැහැදිළිය. මේ අතර මෙම පරිවර්ථන බලය හවුල් කටයුතු, විශේෂයෙන්ම විවාහය හා සම්බන්ධ කරුණු වල දී අවුල් සහගත බවක් ඇති කිරිමට හත අධිපති බුධගේ එක්වීම ඉවහල් වූ බව පෙනෙයි. හත අධිපති බුධ සිටියේ රවි සමඟ දොළොස්වන්නේය. සිත නිවේදනය කරන සඳු සිටියේ සියළු සෞන්දර්යවාදී දේට අධිපති සිකුරු සමඟය. ඒ අනුව සිත නිතරම රසතැන් සොයායෑමට රුචිකමක් දක්වයි. ඒ හේතුවෙන්ම නොයෙක් අවුල් සහගත අර්බුදයන්ද ඇතිකර ගනී. රාහු කේත්තුගෙන් යෙදුන කාලසර්ප යෝගයද එම අශුභ තත්වය තව දුරටත් තීව්‍ර කරයි. ධනය, බලය, ප්‍රසිද්ධිය කෙතරම් වුවද සිතට එතරම් සැනසීමක් නොලැබී යාමට සදු සහ සිකුරු, ශනිගෙන් පීඩා වීම පෙන්වා දෙයි. වරක් දැඩි මානසික ව්‍යාකූලතාවයක් හේතුවෙන් මැය රෝහල් ගතකර සිටි බවද ප්‍රකට රහසකි.
Comments
Post a Comment