gossiplanka image 1
 





ඉන්දීය නිදහස් සටනේ පෙර ගමන්කරුවා ලෙස ගෞරව බුහුමනට ලක්වන මෝහන්දාස් කරම්චාන්ද් ගාන්ධි නොහොත්  මුළු මහත් ලෝකයම මහත්මා ගාන්ධි නමින් හඳුන්වන මොහු 1869 ඔක්තෝබර් දෙවෙනි දින ගුජරාටයේදී මෙළොව එළිය දකින්නේ සිකුරු හිමි තුලා රැස තම ජන්ම ලනය කරගනිමිනි. තුරුණු වියට එළඹීමත් සමඟම මබිමේ නිදහස වෙනුවෙන් දැඩි විමුක්තිකාමී, සටන්කාමී භූමිකාවකට අවතීර්ණ වන මෙතුමා එම සටන දියත් කිරීම වෙනුවෙන් අවිහිංසාවාදී පිළිවෙතක් අනුගමනය කිරීමට පෙළඹෙන්නේ ලග්නාධිපති සිකුරු සහ නමය අධිපති බුධගේ සංයෝගයෙන් බව පැහැදිළි වෙයි. මේ අතර දෙක සහ හත අධිපති කුජ ලග්න ගතවීම සෘජු අදහස් මතින් අධිෂ්ඨානශීලීව තම අරමුණු කරා යන්නෙකු පෙන්නුම් කරයි. මෙතුමාගේ දසවැන්නේ ස්වත්‍ර සඳු රාහු සමඟ සිටීමද විශේෂ පිහිටීමකි. පීඩිත මිනිසුන් හිස කයකරන දුකට අධිපති  ශනිගෙන් ලැබුන දෘෂ්ටිය ජන්මියාගේ සිතුවිලිවල ක්‍රියාකාරීත්වය මගින් බාහිර ඇවතුම් පැවතුම් මනා පරිවර්ථනයකට හසුකිරීමට ඉවහල් විය.


එංගලන්තයේදී විශ්වවිද්‍යාල අධ්‍යපනය ලබා වසර 22 ක් දකුණු අප්‍රිකාවේදී නීති උපදේශකයකු ලෙස කටයුතු කළද මොහු තරුණ වියේ සිටම ගත කළේ අතිශයින්ම සරළ දිවිපෙවතකි. ලග්නාධිපති සිකුරු මාලවී නම් මහා පුරුෂ යෝගය උදා කරමින ලග්නයේ තැන්පත් වී බලවත් වූ මෙතුමාගේ හඳහනේ නමවැන්නාධිපති බුධ ලග්නාධිපති සිකුරු සහ කුජ සමඟ ලග්නයේ තැන්පත් වී "චන්ද්‍ර චුඩා " යෝගය උදා කරමින් ගුණවත් මානව හිතවාදී ජනතායකයකු බිහිකිරීමට තව තවත් රුකුල් දුන් බව පෙනෙයි. කෙසේ වුවත් තුලා ලග්නයට අධිපති සිකුරු අට අධිපතියාද වී ලග්නයේ තැන්පත් වී සිටීම මෙන්ම කුජ මාරක දෙවැන්න සහ හත්වැන්න අධිපතිකමද සහිතව ලග්නයේ සිටීමේ අශුභ පලද මෙතුමාට භුක්ති විදීමට සිදුවිය. 1948 ජනවාරි තුන්වෙනි දින නතුරාම් විනායක් ගොඩ්සේගේ වෙඩි පහරට ලක් වී මහත්මා ගාන්ධි ජීවිතක්ෂයට පත්වන විට එතුමා ගතකරමින් සිටියේ ගුරු මහ දශාවේ රවි අතුරු දශාවයි. උපතේදී ගුරු මාරක හත්වැන්නේ සිටින අතර නැකත හිමි වූයේ දොළොස්වැන්නේ සිටි රවිටය.