කුජ බලවත් ලෙස ජන්ම පත්‍රයක පිහිටීම එඩිතරකම, නායකත්වයේ පෙරමුණ ගැනීම යනාදී උසස් ගුණ ධර්ම වැඩි දියුණු කරන පිහිටීමකි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ජන්ම පත්‍රයේ දසවැන්නේද පංච මහා පුරුෂ යෝගයන් අතර කුජන්ගෙන් යෙදෙන මෙම රුචක යෝගය දැකගත හැකිය. කෙනෙකු තම ජීවිතය තුළ කෙතරම් දුරක් ඉදිරියට ගමන් කරනවාද යන්න පිළිඹිබු කරන කේන්ද්‍රයේ දසවැන්නේ මෙම ප්‍රබල යෝගය යෙදීමේ නියම පල මෙතුමිය නොඅඩුව ලැබූ බව පැහැදිළි වෙයි. ඊට අමතරව දොළොස්වැන්නාධිපති තම භාවයේම සිටියේ රාහු සහ රාජ්‍ය කාර රවි සමග වීම මෙන්ම අට අධිපති දොළොස්වැන්නේ යෙදීමෙන් යෙදුනු විපරිත යෝගයද චන්ද්‍රිකා මැතිනියගේ කේන්ද්‍රයේ බලවත් පිහිටීම් වෙයි. මේ අතර දසවැන්න පිතෘස්ථානය මෙන්ම මාතෘස්ථානය අධිපති සිකුරු සිටියේද දසවැන්නේ වීමෙන් මව සහ පියාගේ පෞරුෂයද මෙම ජන්ම පත්‍රයෙන් මනාකොට තේරුම්ගත හැකිය. කෙසේ වුවත් හත අධිපති සහ අට අධිපති වන ශනි දොළොස්වැන්නාධිපති පාප රවි සහ රාහු සමඟ දොළහේ සිටිමේ අශුභ පලද බණ්ඩාරනායක මහත්මිය අත් විඳිනු ලැබීය. 1994 ශනි අටවැන්නේ ගමන් කරමින් සිටියදී අති විශාල ජන ප්‍රසාදයක් සමඟ ශ්‍රී ලංකාවේ සිව්වන විධායක ජනපති ලෙස
තේරීපත් වූ මෙතුමිය ශනි දසවැන්නේ ගමන්කරමින් සිටියදී 1999 දී පිට පිට දෙවෙනි වරටත් ජනපති ලෙස තේරී පත් වූ නමුත් 2005 අනපේක්ෂිත ලෙස තම ධූර කාලය නිමවීමෙන් ජනපති ධූරයෙන් සමුගනු ලබන්නේ අධිකරණය විසින් දෙනු ලැබූ තීන්දුවක් මුල්කරගෙනය. ඒ වනවිට ශනි ගමන් කරමින් සිටියේ බණ්ඩාරනායක මහත්මියගේ ලග්න භාවයේ හෙවත් ලග්න ඒරාෂ්ඨකයක් උදාකරමින් කටක රාශියේය.
Comments
Post a Comment