ඇමරිකාවේ පය පාමුල සිට ඔවුන්ට අභියෝග කරමින් ඔවුන් දණ ගැස් වූ සුපිරි වීරයා ලෙස පිදෙල් කැස්ත්‍රෝ හැඳින්වෙයි. පුරා වසර 48 ක් කියුබාව පාලනය කළ කැතූ 2007 වර්ෂයේ සිය ධූරයෙන් සමුගනු ලබන්නේ අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙනි. කැස්ත්‍රෝ කියුබාව පාලනය කළ කාලය අතරතුර ජනාධිපතිවරු නම දෙනෙකු අතට ඇමරිකාව මාරුවුවද ඔවුන් එක් අයකුට හෝ කැස්ත්‍රෝ මෙල්ල කිරීමට නොහැකි වීම සුවිශේෂී වේ. ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානය කැස්ත්‍රෝ විනාශ කිරීමට 638 වරක් උත්සාහ කළද ඒ සෑම කුමන්ත්‍රණයක්ම ව්‍යවර්ථ වෙමින් කැතූ සමස්ත ලෝකයේ වීරයකු බවට පන්වන්නේ කෙසේද යන්න පිළිබඳ ජ්‍යොතිෂ පාර්ශ්වයෙන් සොයා බැලීමේදී ලග්නය, තෙවැන්න, නමවැන්න, හත්වැන්න සහ හයවැන්න මෙන්ම අටවැන්න බලවත් වූ බව පෙනෙයි. විශ්වයේ රජුවන රවිට හිමි ලග්නයෙන් උපන් කැස්ත්රෝන්ගේ ලග්නාධිපතියා උපතේදී දොලොස්වැන්නේ තැන්පත් වන්නේ තෙවැන්න සහ දසවැන්න අධිපතියා සමඟය (දසවැන්න අධිපතියා රවි සමඟ සිටීම දේශපාලනයේ නියළෙන්නන්ට අතිශයින්ම යෝග්‍ය පිහිටීමකි). මෙහි තවත් සුවිශේෂී පරිවර්ථන යෝගයක්ද යෙදී තිබෙනු දැනගත හැකිය. එනම් දොළොස්වන්න අධිපති සඳු සහ දෙවැන්න අධිපති බුධ අතර පරිවර්ථනයයි. රවි සහ සිකුරුට මැදිවී බුධ පරිවර්ථන බලයකින් සිටීම ජන්මියාගේ බාහිර ස්වභාවය, පෞරුෂය පැහැදිලි කරයි.
සිව්වැන්නාධිපති සහ නමවැන්නාධිපති කුජ නමවැන්නේ රුචක යෝගය සහිතව බලවත් වීම සටන්කාමී ගරිල්ලා නායකයකු බිහිකිරීමට මග පෑදු බව පෙනෙයි. ඒ අනුව කන්තෝ 1954 දී බැටිටාගේ පාලනය අවසන් කරමින් තම ගරිල්ලා සටන ජය ගනිමින් කියුබාවේ නායකයා බවට පත්වන්නේ තුරුණු විය නියෝජනය කරන කුජ මෙන්ම වයස අවුරුදු 32 දීයි. ඔහුගේ විමුක්ති අරගලය සම්පුර්ණයෙන්ම සමාජයේ පීඩනයට පත් වූ මිනිසුන් වෙනුවෙන් විය. පාලකයන්ගේ දූෂණ වංචාවලට මෙන්ම ඇමරිකානු අධිරාජ්‍යවාදයටද එරෙහිව නැගී සිටි විප්ලවවාදී යතු වීමට පීඩිත පන්තිය නියෝජනය කරන මෙහි හත්වැන්න අධිපති ශනි උච්චව තෙවැන්නේ සිටීම මහෝපකාරී වූ බව, පෙනෙයි. එමෙන්ම ලබාගත් ජයග්‍රහණ නොකඩවා පවත්වා ගැනීමට එකොළොස්වන්නේ ප්රබලව සිටි රාහුගෙන් මෙන්ම අට අධිපති ගුරු හයවැන්නේ සිටිමින් උදාකළ විපරිත යෝගයද මහෝපකාරි විය. ඇමරිකාව කෙතරම් සතුරු කුමන්ත්‍රණ දියත් කළ ද සතුරු ස්ථානය අධිපති උචව සිටීමෙන් එම සියලු කුමන්ත්‍රණ පරාජය කිරීමට මොහුට හැකි විය. ඊට ජන්මියාගේ දීඝායුෂයද මහෝපකාරී විය. ආයුෂයට වගකියන 3 සහ අට බලවත් වීම ඒ බැව් සනාථ කරයි.
Comments
Post a Comment