gossiplanka image 1
 



ඇමරිකානු ජනාධිපතිවරු අතර ඒබ්‍රහම් ලින්කන් සුවිශේෂී වීමට හේතු කිහිපයක්ම වෙයි. දිළිඳු පැලක සිට ධවල මන්දිරය දක්වා අති දුෂ්කර ගමනක යෙදුන මොහු මනුෂ්‍ය සමානාත්මතාවය ඉහළින් අගය කළ සහ එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැන් වූ නායකයකු ලෙසද ප්‍රකටය. ඇමරිකාවේ උසම (අඩි හයයි අගල් හතරක්) ජනාධිපතිවරයා ලෙසද වාර්තාගත වන මෙතුමා 1809 පෙබරවාරි 12 උපත ලද්දේ ශනි හිමි කුම්භ රාශියෙනි, කාල සර්ප යෝගයට යටත්ව උපන්නද රාජ්‍ය කාරක රවි සහ බුද්ධියට අධිපති බුධ ලග්නයේ සිටීමෙන් බලවත් වූ මෙතුමාගේ ලග්නාධිපති දසවැන්නේ සිටින අතර දෙවැන්නේ යෙදුනු ගුරු සිකුරු යෝගය ලින්කන්ගේ ජන්ම පත්‍රයේ තවත් බලවත් සුවිශේෂී පිහිටීමක් ලෙස සැළකිය හැකිය. ගුරු තම ස්වක්ෂේත්‍ර රාශියේ සිටියේ උච්ච සිකුරු සමග එකොළොස්වන්න අධිපතියාද ලෙසය. ඒ අනුව ස්වරයට අධිපති ගුරු දෙවැන්නේ බලවත්වීමේ පලද මෙතුමා නොඅඩුව ලැබූ බව පැහැදිළිය. නීතීඥ වෘත්තියේදී මෙන්ම දේශපාලනයේදීද ඔහුට තම වාග් චාතුර්යය ආශිර්වාදයක් විය. කෙසේ වුවත් අට අධිපති බුධ ලග්නයේ සිටීම සහ චන්ද්‍රයා කුජගේ දෘෂ්ටියට හසුවීමෙන් යෙදුන යෝගයේ අනිටු පලද විඳීමට මෙතුමාට සිදුවිය. ජීවිත කාලයෙන් වසර 56 ක් පමණක් ගෙවා තිබියදී රංග ශාලාවක් තුළ හාසපාදක නාට්‍යයක් නරඹමින් සිටියදී ලින්කන් සාහසිකයකුගේ වෙඩි පහරකට ලක් වී ජීවිත රඟහලෙන් සමුගනු ලබන්නේ 1865 අප්‍රේල් 14 වෙනි දිනය. ඒ වන විට ඔහු ගතකරමින් සිටියේ ශනි මහ දශාවේ බුධ අතුරු දශාවයි.