gossiplanka image 1
 


තරු ද නිදන මහ රෑ

නිදමි මහද නිදි නෑ

මතක පොතේ කදුළින් කටු ගෑ

කවි කියවෙයි මහ රෑ....


පිනි විසිරෙන විට වටහා ගනු මැන

දෙනෙතින් කඳුළැලි ගලන තරම්

රැහැයි හඬන විට හඳුනා ගනු මැන

රෑ තුන් යාමේ හඬන හැඬුම් රෑ


සුළඟ නොවෙයි මේ පාවී එන්නේ

කුටියට සිරවී හෙලන සුසුම්

අතු අග පරවී බිමට වැටෙන්නේ

සමනළ යුගයක පිපුණ කුසුම්


රචනය- මහාචාර්ය සුනිල් ආරියරත්න

ගායනය - ආචාර්ය නන්දා මාලනී

සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ