ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ
සදානන්ද කරවු ඔබේ මධුර රාවෙන්
පිපී ආමි අරවින්දයක් සේ තටාකේ
ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියා දුන්නෙහිය
දැන් මගේ පරමාර්ථය ඔබය
මගේ පරමාදර්ශය ඔබය
මගේ ඒකායන ප්‍රාර්ථනය ද ඔබය
ඔබයි රම්‍ය සඳ කිරණ.................
උදාවු සුපෙම් දම් නොසුන්වී රැදේවා
මගේ පුංචි ලෝකේ තැවුල් දුක් නොවේවා
ප්‍රේමයේ ද්වාරය ඔබ මට විවර කළෙහිය
දැන් මගේ අතීතය ඔබ ය
මගේ වර්තමානය ඔබ ය
මගේ උත්තරීතර අනාගතය ද ඔබය
ඔබයි රම්‍ය සඳ කිරණ.....
පද රචනය-ආචාර්ය සුනිල් ආරියරත්න
ගායනය -ආචාර්ය නන්දා මලනී
සංගීතය-එච්.එම්.ජයවර්ධන
Comments
Post a Comment