gossiplanka image 1
 


ආදර නිල් දෑසේ ආදර නිල් දෑසේ

මැණික් රුවක් ඇඳී තිබේ ආදර නිල් දෑසේ


ආදර මල පිපී වැනේ ඇගේ පෙම් හද පොකුණේ

මගේ ළමැද පළඳින්නයි ඒ රන්මල පිපුණේ


විමානයේ කවුළු දොරින් නෙත් හී සර විදලා

කුමාරියක් කතා කරයි කාට ද අත වනලා


සිනහා දෙතොල යහනාවේ වැතිරෙමි රස උරලා

හද ලෙන් දොර වසනු මැනවි මා එහි සිරකරලා


පද රචනය-ධර්මසිරි ගමගේ

ගායනය -නාරද දිසාසේකර

සංගීතය- බආචාර්ය ප්‍රේමසිරි කේමදාස