gossiplanka image 1

සිහින නෙළුම් මල ජීවිත පොකුණේ

දෑස අබියස පිපී සැලේ

දෑස අබියස පිපී සැලේ

සිහින නෙළුම් මල ජීවිත පොකුණේ


තුන්යම ගත වු ජීවිතයේ

අරුණළු නැඟෙනා ප්‍රභාතයේ

අහස ඉසව්වේ ඔබ මා දුටුවේ

රිදී පහන් තරුවක් වාගේ

රිදී පහන් තරුවක් වාගේ


දෑස වසාගෙන මැදියම් යාමේ

යහනත වැතිරී නිදන වෙලේ

කවියක් සේ ඔබ හදවත ගුලි වී

මා හද පිරිමැද අවදි කළා


මැදියම අවදිව හැබැහින් දුටුවෙමි

පෙරයම නින්දේ දුටු සීනේ

එහෙත් සිහිනයක් වේ දෝ යළි එය

ජීවිතයේ අන්තිම යාමේ

ජීවිතයේ අන්තිම යාමේ


රචනය - ධර්මසිරි ගමගේ

ගායනය - පණ්ඩිත් ආචාර්ය ඩබ්.ඩී. අමරදේව

සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස