යෞවන යෞවනියන් අතර ආදර සබඳතා හට ගැනීම අස්වවාභාවික දෙයක් නොවේ. වැඩිවියට පත් වීමෙන් පසු යෞවනියකට දරු ගැබක් හට ගැනීමේ සහ දරා ගැනීමේ හැකියාව ඇත. යෞවනයෙකුට වෘෂණවල නිෂ්පාදනය වන ශුක්‍රාණුවලත් ස්ත්‍රී ඩිම්බයක් සංසේවනය කිරිමේ හැකියාව ද ඇත. අතීතයේ දී අපේ වැඩිහිටියන් යොවුන් වියේදීම විවාහ කර දුන්නත් අද ඒ සඳහා නීතිමය තත්වයක් පවතී. අප රටේ පවතින නීතියට අනුව පිරිමින් සහ කාන්තාවන් සඳහා විවාහ වීමට නම් හයට අවුරුදු දහඅට ඉක්මවා තිබිය යුතුය. අවුරුදු දහසයට වැඩි කාන්තාවන් දෙමව්පිය කැමැත්ත අනුව විවාහ කර දිය හැකි වුවත් වයස අවුරුදු දහසයට අඩු යෞවනියක සිය කැමැත්තෙන් ලිංගිකව එකතු වුවත් එසේ එක් වූ පුද්ගලයා අවුරුදු දහ අටට වැඩි නම් ඔහු කර ඇ ත්තේ ළමා ලිංගික අපචාර ක්‍රියාවකි. විවාහයට පෙර යෞවන යෞවනියන් දැනගත යුතු වැදගත් කරුණකි මෙය.
පාසල් යන වයසේ පසුවන මා මාගේ නැන්දම්මාගේ දුව සමග හාදකමක් පවත්වනවා. ඇවැස්ස නෑනා මස්සිනා විවාහය නිසා හටගන්නා දරුවන් අංගවිකල වෙන්න පුළුවන් කියලා මගේ යාළුවෙක් කිව්වා. ඒකේ ඇත්තක් තියෙනවාද?
ඔව්, ඒකේ ඇත්තක් තියෙනවා. ඇවැස්ස විවාහයක දී අඹු සැමි දෙදෙනාටම තම මවගේ පැත්තේ හෝ පියාගේ පැත්තේ පොදු ජාන ඇති බැවින් ඔවුන්ගෙන් බිහිවන දරුවන්ට ජානමය රෝග වැළදීමේ සම්භාවිතාව වැඩිවෙනවා. මන්දබුද්ධිකතාවය, අන්ධභාවය, බිහිරිබව, මානසික රෝග, රුධිරගත රෝග සහ දියවැඩියා වැනි කායික රෝග ඒ අනුව දරුවන්ට වැළඳීමට ඇති ඉඩකඩ වැඩිවෙනවා. ආදරසම්බන්ධයක් ඇති කරගත් පසුව දෙදෙනාටම ඉන් වෙන් වීම අපහසු නිසා එවැනි සම්බන්ධයක් ඇති කර ගැනීමට පෙර ගැඹුරින් සිතා බැලීම සුදුසුය. ලේ ඥාතීන් අතර විවාහ වීම් ඇති කර නොගැනීමයි නුවණට හුරු.
විවාහයට පෙර බැලිය යුතු විද්‍යාත්මක පොරොන්දම් එහෙම තියෙනවාද?
නැතුව, නැතුව, හිමෝෆීලියා පොරොන්දම, දියවැඩියා පොරොන්දම, මනෝරෝග පොරොන්දම, ලේ නෑකම් (ඇවැස්ස) පොරොන්දම, රුධිර කාණ්ඩ- රිසර්ස් ඇයි එච්.අයි.වී. පොරොන්දම මේවා නවීන විද්‍යාත්මක පොරොන්දම්, ඒවා පිළිබඳව විවාහයට පෙර ගොස් ඔබගේ පවුලේ වෛද්‍යවරයා හමු වී සාකච්ඡා කළොත් වඩාත් හොඳයි. එවිට විවාහ වී ලිංගිකව එකතු වුණත් දරුවන් නා ගැනීම කල් දැමීම සඳහා පවුල් සැලසුම් උපදෙස් ලබා ගන්නත් පුළුවනි. වෛද්‍ය පරික්ෂණයකට ලක් වෙන්නත් පුළුවනි.
පවුල් සංවිධානය
පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව දැන ගන්න විවාහයට පසුව වෛද්‍යවරයා හමු වුණා නම් හරි නේද?
නැහැ. ඔබ පවුල් සංවිධාන ක්‍රම පිළිබඳව දැනුවත් විය යුත්තේ විවාහ වීමට පෙර සිටමයි. එවිට ඔබට කැමති පවුල් සංවිධාන ක්‍රමය කල් තියා තෝරා ගත හැකියි. පවුල් සංවිධාන පෙති භාවිතා කරනවා නම් එය ආරම්භ කළ යුත්තේ විවාහ වන මාසයට කලින් මාසයේ සිටයි. ඒ නිසා විවාහ වීමට පෙර පවුලේ වෛද්‍යවරයා හෝ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමු වී උපදෙස් ලබා ගැනීමයි වඩා හොඳ.
දරුවන් ලැබීමට සුදුසු හොඳම වයස කුමක්ද?
විස්සේ දශකය. (අවුරුදු 23-28 අතර ඉතා හොඳයි) බොහෝ අය උපාධි ලබාගෙන, විදේශ රැකියාවලට ගිහිල්ලා, දෑවැද්ද හොයාගෙන, ගෙවල් දොරවල් හදාගෙන විවාහ වෙනකොට වයස ගතවෙලා. එවැනි අයට දරුවන් ලැබීමේ සම්භාවිතාවය අඩුයි. ගර්භණී වුනත් සංකූලතා ඇතිවීමේ ප්‍රවණතාවය වැඩියි.
දරුවන් අතර තිබිය යුතු පරතරය?
"පින්මද පුතුන් සියයක් ලැබුවත් නිසරු
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු".
දරුවන් අතර පරතරය අවුරුදු 3-5 අතර වීම වඩාත් සුදුසුයි.
පළමු ගර්භණීභාවයට පෙර සහ පසුව භාවිතා කළ යුතු පවුල් සැලසුම් ක්‍රම 5 අතර වෙනසක් තිබෙනවාද?
ඔව්. විවාහ වූ විගස භාවිතයට සුදුසු හොඳම පවුල් සැලසුම් නම් පවුල් සැලසුම් පෙත්තයි. (උදා මිතුරි) කොන්ඩම් භාවිතයත් සුදුසුයි. ඩිපෝප්‍රොවේරා නමැති තුන්මස් නික්ෂේපනය, නෝප්ලාන්ට් නමැති පස් අවුරුදු සමයට තැත්පතුව සහ ලූපය නමැති අන්තර් ගර්භාෂ තැන්පතුව වඩාත් සුදුසු වන්නේ පළමු දරුවා බිහි වු මව්වරුන්ටයි. එල්. ආර්.ටී. (LRT) හෙවත් ස්ත්‍රී වන්ධ්‍යාකරණ සැත්කම සහ වාසෙක්ටමි හෙවත් පුරුෂ වන්ධ්‍යාකරණ සැත්කම සුදුසු වන්නේ ලැබිය යුතු දරුවන් ගණන සම්පූර්ණ කළාට පසුවයි. අඩුතරමින් අවුරුදු 5ට වැඩි දරුවන් දෙදෙනෙක් වත් සිටින පවුල්වලටයි.
පවුල් සැලසුම් පෙති මහත්තයා ගෙදර ඉන්න දවලදී පමණක් බිව්වම ඇත්ද?
වැරදියි. එහෙම කළොත් ගර්ෂණී වේවි. මහත්තයා ගෙදර හිටියත් නැතත්, සංසර්ගයේ යෙදුණත් නැතත් පෙති පැකැට්ටුව බහා ඇති විස්තර පත්‍රිකාවේ කියලා තියෙන පිළිවෙළට දිනපතාම එකම වේලාවට පෙති ගත යුතුමයි. අමතක වුනොත් මතක් වූ වහාම පෙත්ත ගත යුතුයි.
කොණ්ඩමය ලිංගික සංසර්ගයේදී ධාතු පිට කිරීමට පෙර පැළඳගත්තාම ප්‍රමාණවත් ද?
නැහැ. පුරුෂ ලිංගයෙන් පිටවන ශ්‍රාවයන්වල පවා ශුක්‍රාණු තිබෙන නිසා ලිංගික ක්‍රියාවලිය පටන් ගැනීමට පෙර සිටම කොණ්ඩමය හෙවත් රබර් කොපුව පැළදිය යුතුය.
අපේ මහත්තයා ගෙදර එන්නේ සති අන්තයේ. ඒ නිසා ඒ දවස්වලට පොස්ටිනෝ-2 පෙති භාවිතා කිරීම මගින් දරුගැබක් හට ගැනීම වළක්වා ගත හැකි නේද?
පොස්ටින්නේ-2 හෙවත් පොස්ටිනොවූ පෙති භාවිතා කළ යුත්තේ හදිසි අවස්ථාවකදී හෙවත් අනපේක්ෂිත අවස්ථාවකදී සම්බන්ධයක් සිදුවීම නිසා දරු ගැබක් හට ගැනීම වැළැක්වීම සඳහා පමණයි. පුරුද්දක් ලෙස සති අන්තයේදී ගැනීම නුවණට හුරු නැහැ. ඒ නිසා අක්‍රමවත් ආර්තවයක් ඇතිවන්න පුළුවනි. අනපේක්ෂිත අයුරින් යම්කිසි කාන්තාවක හෝ යෞවනියක අනපේක්ෂිත ලිංගික සංසර්ගයක යෙදුනොත් හෝ දූෂණයකට ලක්වුවහොත් පැය 72 ක් ඇතුළත පොස්ටිනෝ-2 පළමු පෙත්ත ලබා දී ඊට පැය 12කට පසු පොස්ටිනෝ-2 දෙවැනි පෙත්ත ලබා දිය යුතුය. එමගින් දරුගැබක් හට ගැනීම වළක්වාගත හැකිය.
අපේ ආගමට අනුව භාවිතා කිරීමට නිර්දේශ කරන්නේ ස්වභාවික පවුල් සැලසුම් ක්‍රම පමණයි. ඒ ගැන යමක් කීවොත්..
කාන්තාවකගේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් පිටවී පැය 24ක් ඇතුළත එය ශුක්‍රාණුවක් සමග එක්වී සංසේනය නොවුවහොත් මිය යයි. යෝනි මාර්ගයට ඇතුල් වූ ශුක්‍රාණු දින 3-5 අතර කාලයක් සජීවීව එය තුළ රැඳී සිටිය හැකියි. එබැවින් සාමාන්‍යයෙන් ඩිම්බයක් පිටවන දිනයට දින 5කට පෙර සිට යෝනි මාර්ගය තුළට ධාතු මුදාහැරීම නතර කළ යුතුයි. පොදුවේ ගත් කළ ආර්තවය දින 28කට වරක් සිදුවන කාන්තාවන් ආර්තවය සිදු වී සතියක් ගතවනතුරුත් ආර්තවය සිදු වීමට නියමිත දිනයට සතියකට පෙර සිටත් යෝනි සංසර්ගයේ යෙදුනාට ගර්භණී වන්නේ නැත. කෙසේ වෙතත් ඒ පිළිබඳ ඔබගේ පවුලේ වෛද්‍යවරයා සමග හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සමග සාකච්ඡා කොට ආරක්ෂිත සමය පිළිබඳව දැනුවත් වීම වැදගත්. පවුල් සංවිධාන ක්‍රම පිළිබදව දීර්ඝ විස්තරයක් මා විසින් ලියන ලද "පුද්ගලිකයි- රහසිගතයි" පොතෙහි අඩංගු කර ඇත.
මාගේ වයස අවුරුදු 30යි. බැන්ද අලුත මට ඉක්මනින් බබෙක් හදාගන්න අවශ්‍යයි. කළ යුත්තේ කුමක්ද?
නොවරදවාම ඩිම්බකෝෂයෙන් ඩිම්බයක් පිටවන දිනයට දින හතරකට පෙර සිට ලිංගික සංසර්ගයේ යෙදෙන්න. ඊට පෙර දින දෙක තුනක් පුරුෂයාට ධාතු පහ කිරීමෙන් වැළකී සිටීම මගින් ශුක්‍රාණු හොඳින් වඩවා ගන්න පුළුවනි.
Comments
Post a Comment