HCG test හෙවත් ගර්භණීභාවය බලා ගැනීම සඳහා කරනු ලබන මුත්‍රා පරීක්ෂාව ගර්භණීභාවය හඳුනා ගැනීම සඳහා කළ හැකි ඉතාමත් විශ්වාසවන්ත ඉක්මන් පරීක්ෂක්ෂාවයි.
ගර්භණී වූ පසු පළමුවෙන්ම කළ යුත්තේ කුමක්ද?
ඒ පිළිබඳව ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට දැන්වීම සහ පවුලේ වෛද්‍යවරයා හමු වී ඊළඟට ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව සාකච්ඡා කිරීම ඉතා වැදගත්. මෙහිදී අවසන් වරට මාස් ශුද්ධිය ඇති වූ දිනය මතක තබා ගෙන වෛද්‍යවරයාට පවසන්න. එවිට ඔහු දරුවා බිහිවීමට නියමිත දිනය නිවැරදිව ගණනය කරාවි. දරු ගැබේ ස්වභාවය පිළිබඳව දැන ගැනීම සඳහා ස්කෑන් පරික්ෂණයක් කිරීමත් වැදගත්. එමගින් කළලය පිහිටි ස්ථානය සහ කළල ගණන දැනගන්නට පුළුවනි. ගර්භණීභාවයට අදාල සියලුම සටහන් ඇතුලත් කොට ලිපි ගොනුවක් සකසා ගත්ත.
ගර්භණී මවක් සායනයට ගිය විට කරනු ලබන පරික්ෂණ මොනවාද?
1. UFR- මුත්‍රා පරික්ෂාව
2. Hb%- රුධිරයේ හිමොග්ලොබින් පරික්ෂාව.
3. PPBS- ආහාර ගෙන පැය දෙකකට පසු රුධිරයේ ඇති ග්ලූකෝස් ප්‍රමාණය.
4. VDRL- උපදංශ රෝගය වැළදී ඇත්දැයි හඳුනා ගැනීම සඳහා කරන රුධිර පරීක්ෂාව.
5. Blood grouping and Rh- ඔබගේ රුධිර කාණ්ඩය හඳුනා ගැනීම සඳහා කරනු ලබන පරීක්ෂාව.
6. USS- Modomen- කෑනින් පරික්ෂාව.
මගේ තනපුඩු ඉදිරියට නෙරා නැහැ. දරුවාට කිරි දෙන්න බැරි වේවිද?
එය කල්තියා වෛද්‍යවරයාට හෝ සෞඛ්‍ය නිලධාරිනියට පෙන්විය යුතුමයි. එවිට එය ඉදිරියට ගත යුතු ආකාරය (තෙල් ආලේපණ කොට ඇගිලි තුඩුවලින්) කියලා දේවි. එසේ නොකළහොත් දරුවට මව් කිරි දීමට බැරි වේවි
ගර්භණීභාවය ස්වභාවික දෙයක් බව මා දන්නවා. ඒත් ඒ කාලයේදී විශේෂ අවධානයෙන් සිටිය යුතු කරුණු මොනවාද?
ගර්භණී කාලයේදී පහත සඳහන් රෝග ලක්ෂණ ඇති වුවහොත් වෛද්‍යවරයෙකු හමු වීම කළ යුතුයි.
1. යෝනි මාර්ගයෙන් රුධිර වහනයක් සිදු වේ නම්.
2. යෝනී මාර්ගයෙන් දියර හෝ වතුර යෑමක් සිදු වේ නම්.
3. සති 20දී පමණ ගර්භාෂය තුළ සිටින දරුවාගේ චලනයන් මවට දැනෙන අතර එය අඩුවුවහොත් හෝ නොදැනේ නම්.
4. අධික හිසරදයක් හෝ වමනයක් ඇතිවුවහොත්.
5. කෙටි කලක් තුළ මුහුණේ හෝ පිටිපතුල්වල ඉදිමුමක් ඇති වුවහොත්.
6. උදරයේ අධික වේදනාවක් ඇතිවුවහොත්.
7. හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වූ විට
Comments
Post a Comment