gossiplanka image 1


තරු මල් යායම පොඩිකර අහස් විලේ

ඉර හඳ මිරිකා දියකර සාගරයේ

අඳුරේ උන්නෙමි ලොවම එපා වී

මා හැරදා ඈ ගිය දවසේ...............


දුක පැවසුවෙමි අසනා කෙනෙක් නැති

පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැති

තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්

එකම ළඳක් වෙත පෙම් කළ උමතුවෙනි


තරු මල් යායම...........


නුවර උයන් මැද හමුවු ළඳුන් නැතී

යටැසින් බැලුනෙත් රහසින් කතා නැතී

තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින් ,

එකම ළඳක් වෙත පෙම් කළ නිසාවෙනි


තරු මල් යායම.........



පද රචනය -ලූෂන් බුලත්සිංහල

ගායනය හා සංගීතය -විශාරද ගුණදාස කපුගේ