සැන්දෑ අහස වගේ
සැරසී මට එන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්නද සිතුවේ
හිස ගවසන්න සිතා
සමන්පිච්ච පොකුරු ගෙනා
අහසට විසිකෙරුවා මං
රෑ කල අහස බලන
ඔබට පෙනේන්වී
හිතන්නෙපා තරුයි කියා
ඔබ රැවටේවී
කන පළදින්න ගෙනා
තෝඩු දෙකෙන් එකක් කඩා
අහසට විසිකෙරුවා මං
රෑ කල අහස බලන
ඔබට පෙනේවී
හිතන්නෙපා අඩ සඳයයි
ඔබ රැවටේවී
පද රචනය - ලූෂන් බුලත්සිංහල
ගායනය- විශාරද මාලනි බුලත්සිංහල
සංගීතය - එච්.එම්. ජයවර්ධන
Comments
Post a Comment