gossiplanka image 1


කෙම


කුරුමිණියන් කෑ තල් පතක් ගෙන එහි මෙහි පහත සඳහන් පළවන මන්ත්‍රය ලියා, නො පෑගුණ වැලිගෙන තල්පතත් වැලිත් මෙහි පහත සඳහන් දෙවන මන්ත්‍රයෙන් මතුරා, කතා නො කර තල්පත කුඹුරේ ලීයක් සිටුවා එහි එල්ලා, මැතුරූ වැලි කුඹුරට ඉසිනු. මීයන් නොපැමිණේ.


මන්ත්‍රය


1. නමෝ මිර මිරේස්වාහා

2. නමෝ එකසිය අට කුලේක මීයන් දිවා දා ගුලේ ස්වාහා



එහි විද්‍යාත්මක පදනම


මීයන් ගේ හානිය වී ගොවිතැනේ දී ගොවියා මුහුණ දෙන බරපතල ප්‍රශ්නයකි. ඊට පිළියම් නො යෙදුවහොත් කුඹුර අලාපාලු වී අස්වැන්න අසානාසි වේ.


මෙහි සඳහන් වන්නේ මීයන් ගේ හානිය වළකා ගත හැකි කදිම කෙමකි. මෙම මෙම ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය වන්නේ කුරුමිණියන් කෑ තල් පතකුත්, නො පෑගුණ වැලිත් පමණ ය.  කුරුමිණියන් කෑ තල ගොබය ඉහිරෙන විට හඳුනා ගත හැකි ය. එහි කුරුමිණියන් තරම් පිදුරු ඇති බැවින් හදුනා ගැනීම පහසු ය. එම ගොබයෙන් පතක් ලබා ගැනීමෙන් මෙහි පළවන අවශ්‍යතාවය සම්පූර්ණ වේ. ඊළඟට කළ යුත්තේ ගගක හෝ ඔයක පල්ලෙන් අවශ්‍ය තරමට වැලි ලබා ගැනීම ය. කෙමක් සඳහා එ ලෙස ලබාගන්නා වැලි මීයන්ට හිතකර නො වන්නේ කුමක් නිසා ද යන්න මෙහි වෙනත් තැනක විස්තර කොට ඇත. ඊළඟ කාරණය කුරුමිණියන් කෑ තල්පත ය. කුරුමිණියාත්, මීයාත් එකෙකුට එකෙක් විරුද්ධ සතුන් වන බැවින් කුරුමිණියන් කන ලද තල්පත ද මීයන් ට හිතකර නොවේ.


මෙ ලෙස මීයන්ට හිතකර නො වන තල්පතත්, වැලිත් මන්ත්‍ර මගින් ප්‍රාණ කළ විට ඒවාට ආරෝපණය වන බලය ගැන අමුතුවෙන් කිව යුතු නොවේ.මෙසේ කීප ආකාරයකින් මීයන්ට අහිතකර වාතාවරණයක් කුඹුර තුළ සැකසූ විට මීයෝ කුඹුරට තියා කුඹුර අසලකට වත් නො පැමිණෙති. කතා නො කර කෙම කළ යුත්තේ තල්පතටත්, වැලිවලටත් ආරෝපණය කරනු ලබන ගුප්ත බලයේ සුරක්ෂිතභාවය සඳහා ය.