ආදරය සුන්දර වරදකි
කිසිදා සමාවක් නම් නැති
මට පෙන්නලා ආලේ හැටි
නුඹ දුන්නු දුක හොදටම ඇති
ඉඳුවර ඉදුවර නුවන් දෑලේ වැටී
පැගී දැහැනේ වෙලී උන්මාද වුයේ මා
වෙනෙකෙකූ දිහා බැලූමට යලි
මට නෙත් නැතැයි කෙදුරැවේ කවුරුන්දෝ
ආදරය සුන්දර...
පුළුලුර තලා වීණා බදින් දැවැටී
රතැඟිලි බැදී නින්නාදයේ අනුරා
හද ස්වර තලා කම්පිත වේවි
මට මා පවා නැති කළේ කවුරුන්දෝ
ආදරය සුන්දර...
පද රචනය - යමුනා මාලනි පෙරේරා
ගායනය -කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය -විශාරද ගුණදාස කපුගේ
Comments
Post a Comment